මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කළ විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඊට අමතරව අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම සහ ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල (solar panels) ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.







