මනම්පිටිය නිමල් ජයරත්න –
විදුලිය විසන්ධි කර තිබූ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසන භූමියට අද උදෑසන වන අලි ඇතුළු වී තිබිණි.
ඊයේ රාත්‍රියේ භූමියට ඇතුළු වී සිටි වන අලියෙක් අද (29) උදෑසන ආරණ්‍ය සේනාසනයේ සැරිසරමින් සිටියේය.
මේ සිදුවීමත් සමග ආරණ්‍ය සේනාසන වාසී භික්ෂූන් වහන්සේලා දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත් වූහ.
ඊයේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමේ ප්‍රතිඵල අද උදෑසනම ලැබී තිබුණු බව ආරණ්‍යවාසී හිමිවරු පැවසූහ.
මේ වනවිට රජයේ තීන්දුවක් මත විසන්ධි වී ඇති විදුලිය යළි ලබා දීම සඳහා අවශ්‍ය විදුලි බිල සම්පාදනය කරගැනීමට සැදැහැවත් පිරිස් විවිධ මට්ටමින් ඉදිරිපත් වෙමින් ඇතැයි වාර්තා වේ.
මේ ලිපියත් බලන්න….
ඉතිහාසයේ පළමු වරට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කරයි!