දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට යාපනයේ නෙඩුන්තීව් දූපත් දේශයට පැමිණ ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කරමින් අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රා 5 ක් නාවික හමුදාව විසින් ඊයේ (28 ) අත් අඩංගුවට ගෙන තිබේ.
නෙඩුන්තීව් දූපත් ප්‍රදේශයට අසන්නයේදී අත් අඩංගුවට ගත් මේ ඉන්දීය ධීවරයින් පිරිස කන්කසන්තුරේ දක්වා රැගෙන ආ නාවික හමුදා නිලධාරීන් එහිදී එම ධීවරයින් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාර දීමට පියවර ගෙන තිබේ.
ඉන්දීය ධීවරයින් පැමිණි යාත්‍රා පහ නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ධීවර පරීක්ෂක නිලධාරීන් විසින් මෙම ඉන්දීය ධීවරයින්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔවුන්ව පේදුරුතුඩුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.