කාන්තාවන් අතවරයට ලක් කිරීම ඇතුළු චෝදනා ගණනාවකට ලක්ව සිටි ඕමානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම්වරයකු ලෙස කටයුතු කළ ඊ කුෂාන් නැමැති නිලධාරියා අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මෙසේ අත්අඩංගුවට ගැනුණේ ඕමානයේ මස්කට් නුවර සිට අද අලුයම පැමිණි ගුවන් යානයකින් ශ්‍රි ලංකාව පැමිණි අවස්ථාවේදීය. අද මෙරටට ඔහු එන බවට ලද තොරතුරු මත කටුනායක ගුවන් කොටුපළ රැඳී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ප්‍රශ්න කිරීමට ලක්වන බව සඳහන් වේ.
මෙම සැකකරු මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින අතර ඔහුට ලබා දී තිබූ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයද තහනම් කොට තිබුණි.
පසුගිය සිකුරාදා ඔහු මෙරටට පැමිණීමට ගුවන් ප්‍රවේශ පත්‍ර පවා වෙන් කරගෙන සිටියද ඔහු එදින නියමිත පරිදි මෙරටට පැමිණීමට කටයුතු කළේ නැත. කාන්තාවන්ට ලිංගික අතවර කිරීම, කාන්තාවන් වහල් සේවයට විකිණීම , සහතික වංචා සහ මූල්‍ය වංචාවලට සම්බනධද බවට චෝදනා පවතින මෙම නිලධාරියා අත්අඩංගුවට පත්වීමෙන් වැලකී වෙනත් රටකට පළා යාවිද යන්න පිළිබඳව ඇති වුණු බරපතල සැකය මත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්කර පොලිසිය හරහා රතු වරෙන්තුවක් ලබා ගැනීමටද පොලිසිය කටයතු කර තිබූ අතර මේ බව සැළවීමෙන් පසු ඔහු ශ්‍රි ලංකාවට පැමිනීමට තීරණය කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාල විමර්ෂනවලින් පසුව ඔහු අධිකරණය හමුට ඉදිරිපත් කිරීමට නියමිතය.