අද (28) රාත්‍රීයේ දී කොටුව ගාලුමුවදොර පිටියේ කොඩි කනුව ආසන්නයේ පිහිටි කාලතුවක්කුව අසල පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවී තිබේ.
අද රාත්‍රි 8.50ට පමණ හමුවූ මෙම මළ සිරුරේ අනන්‍යතාවය මේ වනවිට පොලිිසිය විසින් සනාථ කරගෙන ඇත. මෙසේ මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ස්ටේට් පාරේ පදිංචි ත්‍යාගරාජා නාගරාජා නැමැති 45 හැවිරිදි පුද්ගලයෙකි.
මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. කොටුව පොලිස් ස්ථානය මගින් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.