තුෂාරී කළුබෝවිල –
හෙට (30 වැනිදා) සිට දිවයිනේ වැසි තත්ත්වය වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ජනවාරි 31 සහ පෙබරවාරි 01 දෙදින දිවයිනේ තැනින් තැන මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව ඔවුහූ පවසති.
එසේ ම දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.