අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිමඩ අල පණුවන්ට කාබනික රජදහන් – විකල්පත් නෑ – කෘමිනාශකත් නෑ

by Lanka Sara Editor
පෙබරවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වැලිමඩ හා ඌව පරණගම කාබනික පොහොර යොදා සිදු කල අර්තාපල් වගා අස්වැන්නෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පණුවන් කා දමා, පරිභෝජනය ගත නොහැකි තත්වයට පත්ව ඇති බව දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

අර්තාපල්, කැරට්, බීට් ඇතුළු උඩරට එළවළු වගාවන් හි පණු රෝග සඳහා කාබනික විකල්පයක් රජය හෝ කෘෂිකර්ම බලධාරීන්ට නැති බවත් ප්‍රමිතියක් සහිත කෘමිනාශක නොමැතිවීම පණු හානිය පාලනය කළ නොහැකිවී ඇති බවත් හිටපු ආණ්ඩුකාරවරයා කියාසිටී.

ප්‍රමිතියකින් තොර කාබනික පොහොර විවිධ පණු බිත්තර සඳහා පෝෂණ මාධ්‍යයක් බව ඔහු පෙන්වා දෙයි.

කාබනික පොහොර සමඟ ඒවා උඩරට වගා බිම් පුරා පැතිර ඇති බවද වැලිමඩ සරුසාර අල වගාව මේ පණුවන්ට ආහාරය බවට පත්වන අතර, පණු වර්ග මර්ධනයට කාබලික පිළියමක් නැති බව ද හෙකෙම සඳහන් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

වැලිඩම රසම රස අල ගෙඩි දැන් පණු කැඳළි පිරී ඇති අතර, ගොවීහු ඒවා වගා බිමේ අතහැර දමන බව ඔහු පෙන්වා දෙයි.

සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයට අවශ්‍ය එළවළු වගාව මේ වන විට ආරම්භ වී ඇත.

කෘෂි රසායන තහනම නාමිකව ඉවත් කර ඇති නමුත් මේ දක්වා කිසිදු කෘෂි රසායනයක් හෝ වල් නාශකයක් රටට ආනයනය කර නැති බවත් ප්‍රමිතියක් නැති කොම්පෝස්ට් පොහොර නිසා ව්‍යාප්තවන පණු රෝග මර්ධනයට අවශ්‍ය කෘමිනාශක හා දිලීර නාශක ආයනයනට කෘෂිකර්ම අමාත්‍යාංශය වහා අවසර ලබා නොදෙන්නේ නම් ඉදිරි අස්වැන්න ද මෙලෙසම පණුවන්ගේ ආහාරය බවට පත් වනු ඇති බවත් හෙතෙම අනතුරු ඇඟවීය.

ඉන්දියාවේ සිට කේරල ගංජා ජාවාරම සිදු කළ ජාවාරම්කරුවන් විසින් රට තුලට රැගෙන එන නීතිවිරෝධී කෘෂි රසායන සීමිත හා ඉතා මිල අධික බැවින් මෙවර අල කන්නයේ අස්වැන්න පණුවන්ගේ ආහාරය බවට පත්වෙමින් ඇති බව ද ඔහු චෝදනා කර සිටී.

1950 දශයෙන් උඩරට අර්තාපල් වගාව ඇරඹීමෙන් පසුව වැලිමඩ, ඌව පරණගම, හාලිඇළ, හපුතලේ, බණ්ඩාරවෙල, නුවරඑළිය අර්තාපල් වගාවට මුහුණදී ඇති දැවැන්තම විනාශයට මේ වන විට මුහුණ දෙමින් ඇත.

ලෝකයේ සෑම රටකම අර්තාපල් වගාව දැඩි පාලිත තත්වයන් යටතේ දිලීර නාශක හා කෘමි නාශක භාවිතයෙන් පමණක් සිදු කරයි.

රජයේ පළිබෝධ නාශක තහනම නිසා වගාවට අවශ්‍ය පොහොර මෙන්ම රෝග පාලනයට අවශ්‍ය පළිබෝධ නාශක ලැබුණේ නැත. අල වර්ගයන් හි පණු හානිය වැලැක්වීම සඳහා කිසිදු ලියාපදිංචි කාබනික විකල්පයක් නැති බව ද ඔහු කියාසිටී.

වැඩිදුරටත් අදහස් දක්වන හිටපු ආණ්ඩුකාරවරයා නිවේදනයක් මගින් මේ කරුණු ද සඳහන් කළේය.

“1965 වසරේ දී ද උඩරට අර්තාපල් වගාව විනාශ කිරීම සඳහා විදේශීය විශේඥයින් පිරිසක් විසින් දිලීර වර්ගයක් යොදා ගැනීමට උත්සහ කරනු ලැබීය.

රහංගල කෘෂි පර්යේෂණ ආයතනයේ සේවකයින් විසින් අගමැති ඩඩ්ලි සේනානායක මහතාට ඒ බව පෙන්වා දුන් පසුව අර්තාපල් වගාවට අවශ්‍ය පොහොර බෙහෙත් නොමිලේ ලබා දෙමින් උඩරට අල වගාව ව්‍යාප්ත කරන ලදී.

දේශීය අල බතල වෙනුවට දේශීය රසවත් අර්තාපල් සාමාන්‍ය වැසියාට මිලදී ගත හැකිවූවේ දේශීය වගාව නිසාය. අර්තාපල් වගාවේ සාර්ථකත්වය නිසා මෙරට වැඩිම ආදායමක් උපයන ගොවීන් පිරිසක් බවට අල ගොවියා පත් විය.

පොහොර තහනම හා කෘමි හානිය නිසා උඩරට අල සහ එළවළු වගාව මේ වන විට 50% කින් පමණ අඩු වී ඇත. වගාවට අත්‍යවශ්‍ය ප්‍රමිතියක් සහිත කිසිදු දිලීර හා කෘමි නාශක නොමැතිවීම නිසා ගහේ වැලේ හැදෙන දෑ ආහාරයට ගත‌ නොහැකි තත්වයට පත්වේ.

‘නිසි ප්‍රමිතියකින් යුතු කාබනික හෝ අකාබනික පණු නාශක නොලැබෙන්නේ නම් උඩරට අල වගාව සම්පූර්ණයෙන්ම විනාශවී යා හැකිය. ‘අල මහත්තයා’ නමින් ජනතාවගේ ආදාරයට පත් නෝමන් ගුණතිලක මහතා ආරම්භ කළ ඩඩ්ලි සේනානායක, පිලිප් ගුණවර්ධන වැනි නායකයින් විසින් ව්‍යාප්ත කල වැලිමඩ අල වගාවේ අවසානය මේ අමන තකතීරු කාබනික වගා උන්මාදය විසින් සනිටුහන් කරමින් සිටින බව ද” තෙන්නකෝන් මහතා පවසයි.

මේ සමඟ ඇති ඡායාරූපවලින් දැක්වෙන්නේ කෘමිනාශක නොමැතිවීම නිසා අල ඌවපරණගම ප්‍රදේශයේ අර්තාපල් වගාවට සිදුව ඇති පණු හානියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක සෞඛ්‍ය සංවිධානයට තායිවානය ඇතුළත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරේ

Next Post

අමුතු හමුවක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.