ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) තායිවානය ඇතුළත් කර ගැනීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ නියෝජිතයන් ජනවාරි 24 සිට 29 දක්වා පැවති එම සංවිධානයේ විධායක සභා රැස්වීමේදී අවධාරණය කර තිබේ.
හදිසි ගෝලීය සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා තායිවානය ඇතුළු සියලු පාර්ශව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඇතුළත් කර කර ගත යුතු අදාළ නියෝජිතයන්ගේ අදහස වූ බව විදෙස් වාර්තාවල දැක්වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ, එක්සත් රාජධානියේ නියෝජිත ඩැනී ඇන්ඩෲස් මෙහිදී සදහන් කර ඇත්තේ, කොවිඩ්-19 වසංගතය සදහා ප්‍රතිචාර දැක්වීමේ දී තායිවානය ක්‍රියා කළ ආකාරය මෙන්ම ඔවුන් ලොව පුරා බොහෝ රටවලට දක්වන ලද සහයෝගය විශේෂ අගය කිරීමකට ලක් කළ යුතු බවයි.
මෙම විධායක සභා රැස්වීමේ දී මාෂල් දූපත්, නාවුරු, ශාන්ත කිට්ස් සහ නෙවිස්, හයිටි, එස්වාටිනි, හොන්ඩුරාස්,ගෝතමාලා,පැරගුවේ ඇතුළු රාජ්‍යයන් ගණනාවක නියෝජිතයන් තායිවානය ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් කර ගත යුතු බවට වන මතයට සහය පළ කර ඇති බව සදහන් වේ.
නිල වශයෙන් චීන ජනරජය ලෙස හැඳින්වෙන තායිවානයට 1971 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසනය අහිමි වූ අතර එතැන් සිට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සංවිධාන ගණනාවක නියෝජිතත්වය අහිමි විය.









