කිර්ති ප්‍රනාන්දු –
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුලුවට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව ජාතික ජන බලවේගය විසින් අද (02) උදේ නිට්ටඹුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
එම පැමිණිල්ල උසස් පොලිස් නිලධාරියෙක් ඉදිරිපිට සටහන් කරගන්නා ලෙස ජාතික ජන බලවේගයේ නීති අංශය විසින් කළ ඉල්ලීම අනුව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා නිට්ටඹුව පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත.
අදාල විමර්ශන සහකාර පොලිස් අධිකාරීවරයෙක් යටතේ ඉහළ මට්ටමින් පවත්වාගැනීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.