පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ (19) රාත්‍රි සිදු කළ වැටලීමක දී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයකු ළඟ තිබී රුපියල් පන් කෝටි අනූ හතර ලක්ෂයකට ආසන්න මුදලක් සොයා ගැනීමට සමත් වී තිබේ.
මෙය මෙතෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී අත්අඩංගුවට ගත් විශාලතම මුදල් තොගය බව ට සැලකෙන අතර කඩුවෙල හේවාගම ප්‍රදේශයේ මෙම ජාවාරම්කරුගේ නිවසේ තිබී මෙම මුදල් තොගය අත්අඩංගුවට ගෙන ඇත. දින දහයක් තුළ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් පමණක් මෙම විශාල මුදල් තොගය උපයා ඇති බව සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
වැලිගම චින්තක නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඔහුගේ ගෝලයකු ඇතුළු තිදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී හෙරොයින් ය ග්‍රෑම් 300ක් ද සොයාගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර වැලිගම චින්තක නැමැත්තා ඩුබාහි රාජ්‍යයේ ලියාපදිංචි දුරකථනයකින් මෙම සැකකරුවාට ඇමතුම් ලබා ගෙන ඇති බවට අනාවරණය වී ඇත. වැලිගම චින්තක නැමත්තා මාකඳුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප ඇසුරක් පැවති පුද්ගලයකු ලෙසින් සැලකෙයි.