ශ්‍රි ලංකාවේ මුල්ම අයිතිකරුවන් ලෙසින් සැලකෙන ආදිවාසී ප්‍රජාවටත් ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් අවශ්‍ය බවත් ඒ අනුව ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරයක් ලබා දිය යුතු බවට තමන් අදහස් කරන බවත් වැදි නායක උරුවරිගේ වන්නිලඇත්තෝ පවසයි.
දඹානේ සිට මාධ්‍යය ට ප්‍රකාශයක් කරමින් ආදි වාසී නායකයා තවදුරටත් පවසන්නේ මෙරට විවිධ ප්‍රජාවන්සසඳහා මේ වනවිට පාර්ලිමේන්තු නියෝජනයක් පැවතියද තමන්ගේ ප්‍රජාව පෙලන ගැටලු පිළිබඳව හඩක් නැගිමට පාර්ලිමේන්තුව තුළ අවස්ථාවක් නැති බවයි.
“මේ රටේ විවිධ ජන කොටස්වලට තමන්ගේ ජනතාව වෙනුවෙන් කතා කරන්නට ඔවුන්ගේ අයිතීන් දිනා ගන්නට පාර්ලිමේන්තුව තුළ ඉඩක් තිබෙනවා . අපිත් අද මේ රටේ ජීවත් වන්නේ බොහෝම අභියෝග ගැටලු මැද. නමුත් මේ බිමේ මුල්ම හිමිකරුවන් වෙලා සිටින අපේ පරපුරට පාර්ලිමේන්තුව තුළ කිසිම නියෝජනයක් නෑ. නමුත් මේ පාර්ලිමේන්තුවට අපේ නියෝජනයක් ලබා ගැනීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ ජාතික ලයිස්තුව. මේ නිසා මම වගකිවයුත්තතන්ගෙන් ඉල්ලා සිටිනවා ආදි වාසී ප්‍රජාවටත් ජාතික ලයිස්තුව හරහා පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් ලබා දෙන්න කියල“ වන්නිල ඇත්තෝ තවදුරටත් එසේ පවසා තිබුණි.







