දිනසේන රතුගමගේ –
උතුරේ සිට ඉන්දියාවට සරණාගතයින් වශයෙන් ගිය පුද්ගලයින් 10 දෙනෙකු ඉන්දියාවේ ධනුස්කොඩි පොලීසිය විසින් ඊයේ (05) අළුයම අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට පත් පිරිස අතර වයස මාස 3 ක දැරියක්ද සිටින අතර ඉන්දියාවට ඇතුලු වූ පිරිස ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලාංකාවේ ජීවත් වීමට ඔවුන්ට ආර්ථික ශක්තියක් නොමැති නිසා මෙසේ පලා ආ බවයි.
ඉන්දියාවේ තමිල්නාඩු ධනුස්කොඩි පොලීසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔවුන්ව තමිල්නාඩුවේ මණ්ඩපම් අනාථ කදවුර වෙත බාර දෙන ලද අතර උතුරේ සිට මේ දිනවල ඉන්දියාවට පලා යන පිරිස් අතර විවිධ අපරාධ වලට සම්බන්ධ සාමාජිකයින් සිටින නිසා ඉන්දියාවේදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් දැඩි කොට තිබේ.
මීට පෙර ඉන්දියාවට ගිය පිරිස අතර සිටි අපාරාධකරුවන් දෙදෙනෙකු ආපසු ශ්‍රී ලංකාවට බාර දීමට ඉන්දීය පොලීසිය පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් මේ වන විට උතුරේ සිට වැසියන් 198 දෙනෙකු ඉන්දියාවට උතුරු පළාතේ සිට පලා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.







