සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැදගත් ලෙස පැවිදි දිවියට සමු දුන් ගම්පහ මහානාම හිමි ක්ලබ් වසන්තට එල්ලකළ වෙඩි පහරේ ගොදුරක්ව නයන වාසුල එදිරිසූරිය ලෙස අවසන් ගමන් ගිය හැටි!

by editor
ජූලි 9, 2024
in පුවත්
නයන වාසල ජිවිතයේ අවසන් මොහොත කේ සුජීවා සමග ගෙවා දමමින්...

නයන වාසල ජිවිතයේ අවසන් මොහොත කේ සුජීවා සමග ගෙවා දමමින්...

Share on FacebookShare on Twitter

ඊයේ (08) ක්ලබ් වසන්ත සමග වෙඩි පහරට ලක්ව මිය ගිය නයන වාසුල එදිරිසූරිය මීට වසර දෙකකට පෙර දක්වා වසර 18ක් තිස්සේ ගම්පහ මහානාම නැමති ප්‍රකට ධර්මදේශක හිමි නමක් බවත් පසුව උපවැදි වී ප්‍රකට ගායිකා කේ. සුජීවා සමග සමීප ඇසුරක් සහිතව ජීවත් වූ බවත් ගම්පහ මිරිස්වත්ත නිසලවිල සදහම් විහාරයේ විහාරාධිපති ජූජ්‍ය අඹන්පොල ඤාණතුසිත හිමියෝ සඳහසන් කරති.

නෙත් එෆ්.එම් බැලුම්ගල වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන්වහන්සේ සමගම පැවිදි ජිවිතයට පැමිණ තමන්වහන්සේ සමගම උපසම්පදා වී පැවිදි ජීවිතය ඉතාම යහපත් ලෙස ගත කළ ගම්පහ මහානාම හිමි ඉතාම වැදගත් ලෙස උපවැදි වී පන්සලේ සියලු වත්කම් නීත්‍යානුකූලව භාර දී පැවිදි දිවියට සමු දුන් බවය.

ගම්පහ මහානාම හිමි ලෙස විචිත්‍ර ධර්ම කථිකයෙක් සේ ගත කළ අවධිය…

ගම්පහ මහානාම හිමි අමරපුර නිකායේ කල්‍යානවංශ නිකායේ හිමි නමක් බවත්, එම නිකායට අයත් පන්සලක්වන රුවන්වැල්ල ගෝණගල්දෙණියේ දම්සක් විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි උන්වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයෙක් බවත් ඤාණතුසිත හිමියෝ කීහ, මාධ්‍ය ඔස්සේ ධර්ම දේශනා කරමින් ශ්‍රාවක ප්‍රසාදයට පත්ව ඉතාම ඉහළ තැනක සිටි ගම්පහ මහානාම හිමි කවියෙක් මෙන්ම ගීත රචකයෙක් ලෙස ද සිය හැකියාව ප්‍රකට කළ බව උන්වහන්සේ සිහි කළහ.

මේ අතර ගම්පහ මහානාම හිමි සහ කේ.සුජීවා සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනැගී තිබුණු බව කී ඤාණතුසිත හිමි ඒ බැඳීමත් සමග හෙතෙම ලෞකික ජීවිතය තෝරාගෙන කොවිඩ් වකවානුව අවසන්වන විට ඉතාම වැදගත් ලෙස පන්සලේ උපවැදි වූයේ මහන ජීවිතයෙන් පන්සලට ලැබුණු සියලු වත්කම් නිකායට භාර දී උපවැදි වූ බවය.

උපවැදි වනවට ධර්ම දේශනා කිරීමෙන් ගම්පහ මහානාම හිමිට ලැබුණු පුද්ගලික වත්කම් ප්‍රමාණයක් තිබුණු බව ඤාණතුසීත හිමියෝ කියති. පැවිදි සමයේ මහානාම හිමි බී.එම්.ඩබ්ලියු රථයක් භාවිත කළ බවත් තමන් බණ දේශනා කරමින්  උපයාගත් වත්කම් පමණක් උපවැදි වනවට රැගෙන ගිය බවත් කී එම හිමියන් නයන වාසුල ලෙස ගිහි ජීවිතය ගත කිරීමට අවශ්‍ය පදනම් වත්කම වූයේ එම මුදල බව ද පෙන්වා දුන්හ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කේ.සුජීවා අවසානවරට ගායනා කරන සිංදුවේ පද රචනාව කර තිබුණේ නයන වාසුලය. ඔහු ඇය සමග සිය ලෞකික ජීවිතය ආරම්භ කර තිබිණි. ටැටූ කලා මධ්‍යස්ථානයක් විවෘත කිරීමට හෙතෙම අතුරුගිරියට සිද්ධිය වූ ස්ථානයට යන්නේ සුජීවාට ලද ආරාධනය අනුවය.

එහිදී නයන වාසුල නිරපරාද ගොදුරක් වන්නේ ක්ලබ් වසන්ත ඉලක්ක කරගත් ඝාතකයින්ගේ වෙඩි පහරට ය. නෙත් එෆ්.එම්. බැලුම්ගල නයන වාසුල ගැන කියන කතාව එසේය.

මේ තරුණය පුද්ගලයා පිළිබඳව ගෞරවයක් අප තුළ ඇත. පැවිදි ජීවිතයේ සිවුරට මුවා වී සියලු බලුකම් කරන ශාසනභාරධාරින් අපි දකිමු. ඒ අතරේ තමන්ට උචිත දිවිය එක් අරමුණකින් යුතුව තෝරාගැනීමේ පෞරුෂයක් පැවිදි ජිවිතය ගත කළ ගම්පහ මහානාම හිමිට තිබිණි. නයන වාසුල ලෙස සිය ගිහි ජීවිතය ගතකරමින් සිටි ඔහු සමාජයට අවැඩැක් නොකළ මනුෂ්‍යයෙක් ලෙස මේ අකල් මරණයට ගොදුරු වී අවසන් ගමන් යන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කේ සුජීවාට ශල්‍යකර්මයක්… වෙඩි වැදුන පාදය ඉවත් නොකර බේරාගැනීමට වෛද්‍යවරු සටනක… 

Next Post

අතුරුගිරියේ ඝාතනය සැලසුම් කළ පාතාලයින් ටැටූ ශිල්පියා අන්දවා ගොදුර ඔහු ලඟට ගෙන්වා ගෙන ද?… විමර්ශන අංශවල අවධානයට!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.