වැඩ කරන අපේ විරුවා ගීතය හැදූ පසන් ලියනගේ සහ ගැයූ චතුල ඉන්ද්රචාප ජාතියෙන් සමාව ඇයද තිබේ.
ඔහු සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් කියා සිටින්නේ මේ ගීතය නිසා අපහසුවට පත්වූ සියල්ලන්ගෙන් සමාව ඉල්ලා සිටින බවය.
මින් පසු කිසිම දේශපාලන පක්ෂයකට කඩේ නොයන බව පසන් ලියනගේ සිය ෆේස්බුක් සටහනේ දක්වා ඇත.
එය සම්පූර්ණයෙන් මෙසේය.
කිසිම දේශපාලන පක්ෂකට සහය නොදෙමි!
සින්දුවක් නිසා අපහසුතාවයටපත් උනානම් මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා…
එදා ඉදන් අද වෙනකන් මම මෙතන අදත් ඉන්නේ ඔගොල්ලො මගේ ගීත ආදරෙන් අහපු නිසයි. ඒ නිසා මේ වෙලාවෙත් මම ඔගොල්ලො එක්කමයි ඉන්නෙ! දැන්වත් හැමදාම බලයෙ ඉන්න හදන පක්ෂවලට කඩේ යන්න එපා. අලුත් කට්ටියට ඉඩ දෙන්න රට හදන්න! මොකද අද මේ තත්වය උදාවෙලා තියෙන්නෙ එදා කාලෙ ඉදන්ම තමන්ගෙ වාසියට රට කාපු අය නිසයි! නැත්නම් මීට කලින් මේ රට දියුනුවෙලා!
ගීතය ගැයූ චතුල ඉන්ද්රචාප සිය ෆේස් බුක් ගිනුමේ තබා තිබූ සටහන මෙසේය. ඔහු කියන්නේ දැන හෝ නොදැන මිනිසුන්ට වරදින බවය. “ඒක සිංදුව කියපු මටත් එකයි, සිංදුව අහලා චන්දය දුන්න උඹලටත් එහෙමයි, ඒ චන්දෙන් දිනපු එකාටත් එහෙමයි“
චතුල තැබූ ෆේස් බුක් සටහන මෙසේය.
![](http://lankasara.com/wp-content/uploads/2022/04/Untitled11-3.jpg)