විධායක සහ විධායක නොවන සියලු රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප අද (25) දිනයේ ලබා දී අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මුදල් රාජ්‍ය ඇමතිවරයාම පසුගිය දා ප්‍රකාශ කළේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනවාරි මස වැටුප් ගෙවිමේ යම් ප්‍රමාදයක් ඇතිවනු ඇති බවය.
එහෙත් වැටුප් ගෙවිම සඳහා මාසිකව වැයවන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක මුදලක් පසුගිය 23 වනදා වන විට ගෙවා ඇති බව ද රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
මේ වන තෙක් වැටුප් හිමි නොවූ සියලු රාජ්‍ය සේවකයින්ට ජනවාරි මස වැටුප අද දිනයේ ලබා දෙන බව ඔහු සඳහන් කළේය.







