කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පහර දුන් බව සඳහන් කරමින් කැබිතිගොල්ලෑව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම පොලිසියේ පරිපාලන අංශයේ ප්‍රධානියාව කටයුතු කරන මෙම නිලධාරියා මේ දිනවල වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන අතර ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම මත ඇති වු සිදුවීමක් බව එම පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ට සමීප සම්බන්ධකමක් ඇති කැබිතිගොල්ලෑව පොලිසියේම කාන්තා පොලිස් පරීක්ෂකවරියකගේ මාමණ්ඩිය විසින් සිදුකරන කසිප්පු ජාවාරමට එරෙහිව නීතීය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කළ විමසීමක් මේ ආකාරයෙන් දුර දිග ගොස් ඇතැයි වාර්තා වේ.
කෙසේ වුවද තමන් එවැනි පහර දීමක් සිදු නොකළ බවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද ප්‍රකාශ කර තිබේ.