ශ්‍රියානි විජේසිංහ –
කෝටි ගණනක මුදල් වංචාවකට හසුව තිබෙන තිලිණි පියුමාලි නැමැති කාන්තාව තමාගේ කෝටි තුනක වටිනාකමින් යුතු වාහනයක් අයිතිකරගෙන ඇති බවට එක්තරා දේශපාලන පක්ෂ නියෝජිතයෙකු කර තිබෙන ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.
එම කාන්තාව කවූරුන්ද යන්න පිලිබඳව තමා නොදන්නා බවත් ඇය විහාරස්ථානයට පැමිණ හෝ පැමිණ නොමැති බවත් තමා දැක ඇය දැක නැති බවත් ආනන්ද හිමියෝ අධාරණය කළහ.
උන් වහන්සේ සඳහන් කළේ තමාගේ වාහනය රැගෙන ගොස් ඇත්තේ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් බවත් මේ වන විට ඒ සම්බන්ධයේ නීතිමය පියවර ගෙන ඇති බවත්ය.







