සම්පත් දෙනිපිටියගේ
හංවැල්ල තුන්මෝදර ප්‍රදේශයේ අද (03) තීන්ත කර්මාන්ත ශාලාවක් ගිනිගෙන විනාශ වී ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
අද සවස 2.30 පමණ මෙම ගින්න සුළුවෙන් ඇති වී ඇති අතර විනාඩි කිහිපයක් තුළ ව්‍යාප්ත වීමෙන් කර්මාන්තශාලාව සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.
කෝට්ටේ ගිහි නිවන ඒකකයේ ගිණි නිවන රථ පහක් පමණ ගින්න නිවීම සඳහා යොදාගෙන ඇති අතර මේ වන විට ගින්න පාලනය කර ඇතැයි පොලිසිය කියයි. මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් යැයි පොලිසිය සැක කරයි .
මේ අතර අද සවස තුනට පමණ වාරියපොල මල්වාන ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක් ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.
වාරියපොල යුදහමුදා කදවුර ප්‍රාදේශීය සභාව සහ පොලිසිය මේ වන විට ගින්න මැඩ පවත්වා ඇතැයි වරියපොල පොලිසිය පැවසීය .







