එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ඊශ්‍රායලය එක්ව ‘සිව්රස’ යනුවෙන් නව එකතුවක් පිහිටුවා ගෙන තිබේ.
වෙනස්වන ගෝලීය භූ දර්ශනය, කොරෝනා වංසගතය සහ පශ්චාත් කොරෝනා තත්වය හමුවේ ලෝක රාජ්‍ය තාන්ත්රිකත්වයේ අනාගතය සමඟ නව අයුරකින් සම්බන්ධ වීම මෙහි අරමුණ බව පැවසේ.
මෙම නව හවුලේ විදේශ අමාත්‍යවරුන්ගේ පළමු හමුව මේ වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත බව ද සදහන් වේ.
තාක්ෂණික සහ යටිතල පහසුකම් ව්‍යාපෘතින්හි සහයෝගීතාවය, දේශපාලන සහ ආර්ථික සහයෝගීතාව සහ සමුද්‍රීය ආරක්ෂක ගැටළු කෙරෙහි මෙම නව එකතුව විසින් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව ද පැවසේ. .







