ව්‍යවස්ථා සංශෝධනයේ කළ යුතු ප්‍රතිසංස්කරණයන් සියල්ල සමූයක් ලෙස එක්ව ඉක්මණින් සිදු කර ගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් අද විපක්ෂ නායක කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය. දැන් 21 වැනි සංශෝදනයේ කොටසක් කර ගමු ඉතිරිය පසුව කර ගමු යැයි පැවසුවත් දැන් පවතින තත්ත්වය අනුව එම කොටසවත් ඉටු නොවෙනු ඇතැයි සැකයක් පවතින බව ඔහු පැවසීය.
රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 21 වැනි ව්‍යවස්ථා සංශෝදනය ගෙන ආ අතර එය සභාගත කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දින කිහිපයකින් නිකුත් වූ පසු පාර්ලිමේන්තුවේ තුන්වෙනි සතියේදී සාකච්ඡාවට ගත හැකි බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. එහෙත් මේ වන විට ඇත්තේ ප්‍රතිංස්සකරණ නොව දේශපාලන ගේම් බැවින් 21 පාර්ලිමේන්තුවට ගෙන ඒමට පමා වෙන බව ඔහු පෙන්වා දුන්නේය.
මේ රට ස්ථාවර කරන්න පුළුවන් එකම විදියයි. ඒ තමයි ජනවරමක්. ඒත් කෙනෙක් කියනවා නම් මම සූරයා වීරයා මට මේ රට දැන් ගොඩ ගන්න පුළුවන් කියලා ඒක සුරංගනා කතාවක්. අඩුම ගාණේ අවුරුදු පහක්වත් යනවා මේ රට ආපහු තිබුනු තත්ත්වයට එන්න.. වරමත් එක්ක වැඩ කරන්න පුළුවන් 113 ක් හිටියා නම් අපිට ඒක කරන්න පුළුවන්.. අපි 21 ට ඉතාමත් ප්‍රශස්ත යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා.. අපි ඉල්ලනකොට සම්පූර්ණ දේම ඉල්ලන්න ඕනේ… මම විපක්ෂ නායකකම බාර ගත්තේ නැත්තේ අභියෝග භාර ගන්න බය නිසා නෙමෙයි. හරි ප්‍රතිපත්තියක් තිබ්බේ නැති නිසා. කිව්ව පලියට අගමැතිකම බාර ගන්න එක නොදියුනු දේශපාලන ක්‍රමවේදයක්. අපි දේශපාලනේට ආවේ මිනිස්සු වෙනුවෙන් හරි දේ කරන්න.. විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.