බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

තමන්ව තමන්ටම විවාහ කරගත් ඉන්දියානු තරුණිය…

by editor
ජූනි 15, 2022
in සමාජ
Kshama-Bindu

ක්ෂමා බින්දු

Share on FacebookShare on Twitter

බීබීසී-

පසුගිය වසර කිහිපය තුළ බටහිර රටවල ඒකල විවාහය (Sologamy) හෙවත් මිනිසුන් තමන්වම විවාහ කරගන්නා මංගල උත්සව රැල්ලක් මෙන් සිදුවන්නට පටන්ගති. එය දැන් ඉන්දියාවට ද පැමිණ ඇත.

බටහිර ගුජරාට් ප්‍රාන්තයේ වදෝදරාහි වෙසෙන ක්ෂමා බින්දු පසුගිය  11 දා සම්ප්‍රදායික හින්දු උත්සවයක් පවත්වා තමාවම විවාහකර ගත්තා ය.

ජුනි 8 වැනි දා රතු මංගල ඇඳුමෙන් සැරසුණු ඇය, දෑත්වල හෙනා ද, හිසකෙස්වල සිංධූර ද ගල්වා, පූජනීය ගින්න වටා සිරිත් පරිදි වට හතක් ගමන්කර තමා සමගම විවාහ වූවා ය. උත්සවය නිවසේ දී පැවැත්විණි.

හල්දි උත්සවය (මනාලියගේ සිරුරේ කහ මිශ්‍ර තෙල් ගැල්වීම) සහ සංගීත් උත්සවය වැනි පූර්ව විවාහ චාරිත්‍ර ද එදිනම සිදුකරනු ලැබිණ. විවාහයෙන් පසු ඇය සති දෙකක මධුසමයක් සඳහා ගෝවා වෙත පිටත්වනු ඇත.

සියලුම සැමරුම් ඇති නමුත් එහි ඇති එකම වෙනස නම් විවාහය සඳහා මනාලයකු නොමැතිවීම යි. ඇතැම් විට මෙය ඉන්දියාවේ පළමු ස්වයං-විවාහය ද විය හැකිය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

  • බින්දු කියන කතාව

“ගොඩක් දෙනා මට කියනවා මා එක්ක යාලුවෙන කෙනා හරි වාසනාවක් උදාකරගන්නේ කියලා,” 24 හැවිරිදි සමාජ විද්‍යා ශිෂ්‍යාවක සහ බ්ලොග් රචිකාවක වන ඇය පැවසුවා ය. “එතකොට මම එයාලට කියනවා ‘මමම තමයි ඒ වාසනාවන්තිය’ කියලා”.

බින්දු පවසන්නේ ඇය තමාවම විවාහකර ගැනීමෙන් තම ජීවිතය “ස්වයං ආදරය” වෙනුවෙන් කැප කරන බව යි.

“ස්වයං-විවාහය යනු ඔබ වෙනුවෙන්ම කැපවීමක්. තමන්ට කැමති ජීවනෝපාය සහ ජීවන රටාවක් තෝරගෙන ලස්සන, සන්තෝෂවත් ජීවිතයක් ගත කරන්න ඒකෙන් හැකි වෙනවා.”

“ඒකෙන් මම පෙන්නන්නේ මම ම‍ගේ විවිධ හැකියාවන් පිළිගත්ත බව. විශේෂයෙන් දුර්වලතා. ඒ කිව්වේ මානසිකව හෝ ශාරීරිකව හෝ හැඟීම් අනුව මම දුර්වලතා ලෙස දකින දේවල්. මම හිතන විදියට මේ විවාහය තමන් තමන්වම පිළිගත්ත බව පෙන්වන්න හොඳ ක්‍රමයක්. මම මේ පෙන්වන්න හදන්නේ මම මාවම පිළිගත්තු බව. මගේ හොඳ හෝ නරක ඕනම දෙයක් [මම පිළිගත්තු බව].”

ඇයගේ පවුල ද සිය ආශිර්වාදය ඇයට ලබා දී ඇති අතර, ඇගේ මිතුරන් ද සමග උත්සවයට ද සහභාගී වූහ.

“මගේ අම්මා කිව්වේ, ‘ෂා! ඔයා නිතරම අලුත් දෙයක් ගැන හිතනවා’ කියලා. මගේ දෙමව්පියෝ ඉතා විවෘත මනසකින් කටයුතු කරනවා. එයාලා කිව්වේ ‘ඔයා සතුටු වෙනතාක්කල් අපට ඒකෙන් ප්‍රශ්නයක් නැහැ,” ඇය වැඩිදුරටත් පැවසුවාය.

බින්දුගේ මංගල ඇරියුම් පත
  • ස්වයං විවාහ සංකල්පයේ ආරම්භය –

“තමා සමගම විවාහ වීම” පිළිබඳ අදහස මුලින්ම ප්‍රවෘත්තියක් බවට පත්වූයේ, අතිශය ජනප්‍රිය ඇමරිකානු කතා මාලාවක් වන සෙක්ස් ඇන්ඩ් ද සිටිහි චරිතයක් වන කැරී බ්‍රැඩ්ෂෝ මීට වසර 20කට පමණ පෙර ඒ ගැන කථා කළ අවස්ථාවේ දී ය. නමුත් එම කතා මාලාව විකට ගණයේ එකක් විය.

එතැන් සිට, බොහෝවිට තනිකඩ කාන්තාවන් විසින් එවැනි “විවාහ” සියගණනක් සිදුකර ගෙන ඇතැ යි වාර්තා වේ. ඇතැම් මනාලියන් අලංකාර මංගල ඇඳුමින් සැරසී, මල් කළඹක් රැගෙන, සමහර විට පවුලේ අය සහ මිතුරන් සමග ඔල්වරසන් මධ්‍යයේ විවාහ දිවියට පිවිස තිබේ. එක් අතිශය අසාමාන්‍ය සිදුවිමක දී, 33 හැවිරිදි බ්‍රසීලියානු නිරූපිකාවක ඇගේ ස්වයං “විවාහයෙන්” මාස තුනකට පසුව “දික්කසාද” වූවා ය.

ලෝකයේ බොහෝ ප්‍රදේශවල මේ වටා ව්‍යාපාර ද ප්‍රචලිත වී ඇති අතර, ඊට අදාළව මංගල මුදු, ඇරයුම් පත් ආදිය ද ඇතුළත් මංගල පැකේජ පවා බිහිව තිබේ.

නමුත් එවැනි දෑ ඉන්දියාව තුළ තවමත් අප්‍රකට නිසා බින්දුගේ විවාහ මංගල්‍යය එරට කතා බහට ලක්ව ඇත.

  • පුදුමයට පත් කරන සංකල්පයක්

අප හා කතා කළ මානසික සෞඛ්‍ය විශේෂඥයෙක් ඒකල විවාහය පසුපස ඇති හේතූන් පිළිබඳව “පුදුමයට පත් වූ” බවක් පෙනෙන්නට තිබුණි.

චන්දිගාර් නගරයේ PGIMER රෝහලේ හිටපු පීඨාධිපති සහ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරිය වන වෛද්‍ය සවිතා මල්හෝත්‍රා පැවසුවේ, “මට නම් එය ඉතා අමුතු සංකල්පයක්” ලෙස යි.

“හැමෝම තමන්ට ආදරෙයි. ඒක පෙන්වන්න බාහිර අනුරුවක් නිර්මාණය කරන්න අවශ්‍ය නැහැ. ඒක අපි හැමෝටම ආවේණික දෙයක්. ඒ වගේම, විවාහයක් කියන්නේ දෙන්නෙක් එකට එකතුවීම.”

මෙම පුවත සමාජ මාධ්‍ය තුළ ද සංවාදයට පාත්‍රව තිබේ. ඇතැමුන් ඇයට ප්‍රශංසා කළේ ඇය බොහෝ දෙනෙකුට ආදර්ශයක් වනු ඇති බව පවසමිනි. නමුත් බොහෝදෙනෙකුට ඒකල විවාහ සංකල්පය අවබෝධ කර ගැනීම අපහසු බව පෙනුනි.

පුදුමයට පත්ව සිටින එක් කාන්තාවක්, වෙනත් කිසිවෙකු සම්බන්ධ නොවන්නේ නම් විවාහයේ අවශ්‍යතාවය කුමක් ද යන්න ට්විටර් හි දී ප්‍රශ්නකර සිටියා ය. තවත් අයෙක් පැවසුවේ බින්දු තම පවුලේ වගකීම්වලින් පලායාමට උත්සාහ කරන බවක් පෙනෙන්නට ඇති බව යි.

සමහරු ඒකල විවාහය “විකාර සහ දුක්ඛිත ක්‍රියාවක්” ලෙස විවේචනය කළ අතර, එයට “නිදන්ගත නාසිස්මයයැ”යි දොස් පැවරූහ.

බින්දුට, ඇගේ ඇගේ විවේචකයන් වෙත කීමට ඇත්තේ “එකම එක දෙයකි”: “පිරිමියෙක් හෝ කාන්තාවක් හෝ තමාවම වේවා, මම කැමති කෙනාව විවාහ කර ගන්න එක මගේ තීරණයක්. ඒ වගේම මාව විවාහකර ගැනීමෙන් මට ඒකල විවාහය සාමාන්‍යකරණය කිරීමට අවශ්‍ය යි. මට මිනිසුන්ට පැවසීමට අවශ්‍යයි, ඔයා තනියම මේ ලෝකෙට ඇවිත් තනිවම මෙහෙන් යනවා කියලා. ඉතින් ඔයාට වඩා ඔයාට ආදරේ කරන්න පුළුවන් කාට ද? ඔයා වැටුණොත් ඔයාව ගොඩගන්න වෙන්නෙ ඔයාටම යි.”

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධම්මික පෙරේරාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු වෙයි!

Next Post

ව්සි එකේ කෑලි කැලි නැතිව සියල්ල එකවර ගේන්න විපක්ෂ නායක කියයි

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.