සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යවස්ථාව වෙනස්කර පාර්ලිමේන්තු ගෙනාපු ඇමරිකානුවාගෙ අවලස්සන දැක්කෙ ඇමති කට්ට නැති වුනාට පස්සෙ ද?,

by editor
මාර්තු 6, 2022
in පුවත්
Wasantha Samarasinghe
Share on FacebookShare on Twitter

ඇතුළු රටේ ජනතාව බැසිල් රාජපක්ෂ අන්ත දූෂිතයෙක් බව එක පැහැර හඬ ගා කියද්දී ඔහුව පාර්ලිමේන්තුවට රැගෙන ඒම සඳහා ව්‍යවස්ථාවත් වෙනස් කර මුදල් ඇමති දක්වා රැගෙන විත් හොරු දූෂිතයන් කැබිනට් මණ්ඩලයේ සිට ආරක්ෂා කළ විමල් වීරවංශලා අවලස්සන ඇමරිකානුවා දැක ඇත්තේ ඇමති පට්ට්ම නැතිවී පාරට වැටුණු පසුවදැයි  ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ අසයි.

මාධ්‍ය සාකච්ඡාවක් අතමින් ඔහු ප්‍රකාශ කළේ  මුදල් විශුද්ධිකරණය යටතේ ඇමරිකාවෙන් නඩු වැටෙනු ඇතැයි සිතා සියලුම ඇමරිකානු කොන්ත්‍රාත් කරන බැසිල් රාජපක්ෂ ගැන ඔහුගේම ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක්ව සිටි පුද්ගලයෙක් නගන චෝදනාවට ඔහු දැන් රට ඉදිරියේ පිළිතුරු දිය යුතු බවය.

ඔහුට ඇති තෝරා ගැනීම් දෙක වන ඇමරිකානු පුරවැසි භාවය හෝ ලංකාවේ මුදල් ඇමතිකම සම්බන්ධයෙන් ඔහු ගන්නා තීන්දුව මත ඔහුට එල්ල වී ඇති චෝදනාවලට ඔහුම  පිළිතුරු සපයනු ඇති ඇතැයි ද  වසන්ත සමරසිංහ පවසයි.

ඔහු මෙසේ ද කියයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“අපි දැක්කා විමල් වීරවංශ හිටපු ඇමතිවරයා කියනවා ‘බැසිල් රාජපක්ෂ මේ සියලු දේ කරන්නෙ ඇමරිකානු  පුරවැසියෙක් නිසා.   ඔහු ඇමරිකානු පුරවැසියෙක් ලෙස ඇමරිකාව කියන දේවල් කරනවා. ඔහු එහෙම කරන්නෙ කිසිවක් නිසා නොව. ඔහුව මනි ලොන්ඩරින් යටතේ අත්අඩංගුවට ගන්න පුලුවන්. ඇමරකාව කියන දේ නොකළොත් ඔහු අත්අඩංගුවට ගන්න පුලුවන් ඒකයි මේ වෙන්නේ‘ කියලා.

“මනි ලොන්ඩරින් යටතේ ඔහු වරද කරුවෙක් වෙනවා නම් ඔහු වංචා දූෂණ ගණනාවකට සම්බන්ධයි. ඔහු වංචා දූෂණ ගණනාවකට සම්බන්ධයි කියලා අපි කියද්දි, මේ රටේ ජනතාව කියද්දි  මේ ගැන කතා නොකර ඉඳලා ඇමති පට්ට්ම ගලවලා එලියට වැටෙද්දි ද මේ ගැන කතා කරන්න මතක් වුනේ.“

“බැසිල් රාජපක්ෂ  ඉලක්ක කරගෙන චෝදනා කරනවා.  බැසිල් රාජපක්ෂට නෑ කැබිනට් ඇමති ධුර ඉවත් කරන්න බලයක්.  තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂට. අපට තියනවා ප්‍රශ්නයක්. අවලස්සන ඇමරිකානුව කියන්නෙ බැසිල් රාජපක්ෂට ද. ගෝඨාභය රාජපක්ෂට ද?“

“එක පැත්තකින් මනි ලොන්ඩරින් යටතේ අත්අඩංගුවට ගන්න නිසා බැසිල්  මේ වැඩේ  කරනවා කියන ගමන් මේ රට විනාශය කර ගෙන යන්නෙ මේ ඉතිහාසයේ ව්‍යසනකාරීම තත්වයට පත් කරමින් තිබෙන මේ අවලස්සන ඇමරිකානුවා කවුද?“

“එක පැත්තකින් අවලස්සන ඇමරිකානුවා කියලා චෝදනා කරන ගමන් අනෙක් පැත්තෙන් ඒ ඇමරිකානු පුරවැසියාට පාර්ලිමේන්තුවට එන්න පනත් සම්මත කරලා ව්‍යවස්ථාව වෙනස් කරලා ඉඩ දුන්නෙ මේ වීරවංශලා. දැන් ඔවුන් රට ඉස්සරහට ඇවිත් අලුත් නාඩගමක් නටන්න හදනවා.“

‘හැරෙන්නෙ වෙන මොනවටත් නෙමෙයි. ආණ්ඩුව සම්බන්ධව ප්‍රතික්ෂේප වීම් තියනවා. බරපතල විවේචනයක් තියනවා. මේ අයම දැන් කියනවා මේ හදන්නෙ  පහුගිය කාලෙ තමන්ට ඡන්දය දීපු අය වෙන තැනකට යන්න දෙන්නෙ නැතිව නවත්වා ගන්න නවාතැන්පල කියලා.“

“නවාතැන් පලේ ඉන්නේ හරිම සුපිරිසිදු සිල්වත් චරිතවත්  ගුණවත්  චරිත. මහජන දේපල විකුණද්දි කොල්ල කද්දි මේ අය  කොතැනද ලැගලා හිටියෙ. වීරවංශ ගමන්පිල වාසුදේව නානායක්කාර ඇතුළු සියලු දෙනා කටයුතු කළේ මේ දූෂිතයන් වංචනිකයන් රකින්න.  ඒ රකිමින් හිටිය කට්ටියට තමන් එළියට දැම්මම  තමයි මතක් වුනේ අවලස්සන ඇමරිකානුවෙක් ගැන කියන්න.“

“ඔය අවලස්සන ඇමරිකානුවා වීරවංශ  කරන චෝදනාවට පිළිතුරු දෙන්න ඕන. ඔහුට මනි ලොන්ඩරින් සම්බන්ධ චෝදනා නෑ කියලා ඔහු කිව යුතුයි…. එහෙ කියන්න නම් තෝරා ගැනීම් දෙකෙන් එකක් කරන්න වෙනවා. ඇමරිකානු පුරවැසි භාවය ද ශ්‍රී ලංකාවෙ මුදල් ඇමතිකම ද ඔහුගෙ තේරීම කියලා ඔහුට තීන්දු කරන්න වෙනවා.“

“ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිකම තෝරනවා නම් ඔහුට ඇමරිකන් පුරවැසි භාවය අත් හරින්න වෙනවා.  ඇමරිකන් පුරවැසි භාවය තෝරනවා නම් ඔහු මුදල් ඇමතිකම අත්හරින්න වෙනවා.“

“අපට තියන ප්‍රශ්නය බැසිල් තෝරන්නේ මොකක් ද?. ඔහු ඇමරිකානු පුරවැසි භාවය තොරනවා නම් ඉන් විමල් වීරවංශ නගන චෝදනාව ඔප්පු වෙනවා. “

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටුවරිස්ට් වාහනවලට ලංගමයෙන් ඩීසල් දෙයි!

Next Post

බර්ටි ගුණතිලක දිවි සැරියෙන් සමු ගනී!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.