අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යවස්ථාව උල්ලංඝණය කර මැතිවරණයට බාධා කරන සියලු දෙනා නීතිය හමුවට එන්න සූදානම් වෙන්න… නීතිඥ සංගමය අනතුරු අඟවයි!

සෑම මැතිවරණයක්ම එක සේ වැදගත්... මැතිවරණයකට බාධා කරන සෑම උත්සාහයක්ම පරාජය කළ යුතුයි...

by editor
පෙබරවාරි 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

2023 මාර්තු 19 වැනි දිනට පෙර පැවැත්වීමට නීතියෙන් නියම කර ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩාකප්පල් කිරීමට රාජ්‍ය බලධාරීන් විසින් මෑතදී ගත් උත්සාහයන් පිළිබඳව තමන් දැඩි කණස්සල්ල පළ කරන බවත්   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුව  සියලුම රාජ්‍ය බලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බැඳී සිටින බැවින් එය ප්‍රතික්ෂේප කිරීම හෝ ඊට අපොහොසත් වීම දඬුවම් ලැබිය හැකි අපරාධ වරදක් බවත් අවධාරණය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතු බව පෙන්වා දෙන  ශ්‍රී ලංකා නීතීඥ සංගමය එවැනි මැදිහත්වීම් සඳහා වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතියට අනුකූලව කටයුතු  කරන බව   අවධාරණය කරයි

එම සංගමය  අවධාරණය කරමින් ප්‍රකාශ කරන්නේ  සියලුම මැතිවරණ ඉතා වැදගත් බවය.

රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම අරමුණු කරගත් බව කියමින් රජය මෑත සතිවල ගත් තීරණ කිහිපයක් මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්වීම වැළැක්වීමේ බලපෑමක් ඇති කර ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අදහස බව එම නිවේදනයේ දැක්වේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පෙර මුදල් නිදහස් කරන ලෙස රජයේ මුද්‍රණාලය විසින් කරන ලද ඉල්ලීම සහ මැතිවරණය සඳහා මුදල් නොමැති බව පවසමින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් කරන ලද ඉල්ලීම ද ඊට ඇතුළත් ය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මැතිවරණ කටයුතු සඳහා අයවැයෙන් රුපියල් බිලියන 10ක් වෙන්කර තිබියදීය පසුගිය සති කිහිපය තුළ භාණ්ඩාගාර ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ආයතනවල ක්‍රියාකලාපය මැතිවරණ නතර කිරීමට දැඩි උත්සාහයක් ගත් ආකාරය පැහැදිලිවම පෙන්නුම් කරන බවත් එමඟින් ජනතාවගේ ඡන්ද බලය හෑල්ලූවට ලක්වන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට බලපාන නීතියෙන් නියම කර ඇති මැතිවරණ වැළැක්වීමේ මෙවැනි  උත්සාහයන් පෙර නොවූ විරූ බව නීතීඥ සංගමය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය අනතුරු අඟවන්නේ , එවැනි ක්‍රියා ජනප්‍රිය නොවන විධායකයකට හෝ ව්‍යවස්ථාදායකයකට භයානක පූර්වාදර්ශයක් විය හැකි බවටයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන්වන්නේ  සියලුම රාජ්‍ය බලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බැඳී සිටින බවත් එය ප්‍රතික්ෂේප කිරීම හෝ අපොහොසත් වීම දඬුවම් ලැබිය හැකි අපරාධ වරදක් බවත් යැයි නීතීඥ සංගමය පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා නිසි කොන්දේසි නිර්මාණය කිරීම සහතික කිරීමට ජනාධිපතිවරයාටද බලය පවරා ඇති බවද නීතීඥ සංගමය පෙන්වා දෙයි.

ඡන්ද බලය යනු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිළිගත් මූලික අයිතිවාසිකමක් වන අතර , නියමිත දිනට මැතිවරණ නොපැවැත්වීම හෝ කල්දැමීම එම අතියිති උල්ලංඝණය කිරීමක් බවද නීතීඥ සංගමයේ අදහස වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිත සහ පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් රජයේ සියලුම ආයතන විසින් ගරු කරනු ලැබිය යුතු, සුරක්ෂිත කළ යුතු අතර, ඒවා සීමා කිරීම, හෝ ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බවද අදාළ නිවේදනයේ සඳහන් ය.

මේ අවස්ථාවේ දී ව්‍යවස්ථාදායකය මෙන්ම විධායකය ද මෙම වගන්තිය උල්ලංඝණය කර ඇති බව නීතීඥ සංගමයේ පවසයි.

ශ්‍රි ලංකා නීතිඥ සංගමය අනතුරු අඟවන්නේ ඡන්ද බලයට බාධා කිරීමේ ඕනෑම පියවරක් දුරදිග යන ප්‍රතිවිපාක ගෙන දෙන බවටයි.

ජනතාවගේ ඡන්ද බලයට බාධා කිරීමට වසර ගණනාවක් පුරා විවිධ පාලන ආයතන විසින් දරන ලද උත්සාහයන් රටට සහ එහි ජනතාවට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කළ බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙයි.

රටේ අත්‍යවශ්‍ය කටයුත්තක් වන මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් ලබාදීම සහතික කිරීම රජයේ පරිශුද්ධ යුතුකමක් බවත් තවදුරටත් ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ හෝ බාධා කිරීමේ කිසිදු උත්සාහයකින් තොරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කරන ලෙසත්, නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වග බලා ගන්නා ලෙසත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් සහ සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පවසයි.

එවැනි මැදිහත්වීම් සඳහා වගකිව යුතු සියලු දෙනා නීතියට අනුකූලව කටයුතු කළ යුතු බවද, ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවෙන් ගුවන් යානා 1000කට වැඩි ඇණවුමක්

Next Post

ජනපති ඉල්ලීමට හෙට අති උත්කර්ෂවත් ජනරජ පෙරහර නුවර වීදි සංචාරය කරයි… වියදම කෝටි 10කට වැඩියි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.