ඉන්දියාවේ දේශීය ගුවන් සමාගම් මේ වන විට ගුවන් යානා 1000කට වැඩි සංඛ්‍යාවක් ගුවන් යානා නිෂ්පාදන සමාගම්වලිාන් ඇණවුම් කර ඇති අතර, ‘ටාටා සමූහයට’ අයත්ව තිබෙන එයාර් ඉන්දියා සමාගම වසර 17කට පසු එයාර් බස් හා බෝයිංග් වර්ගයේ ගුවන් යානා 470ක් සිය සමාගමට ඇණවුම් කර ඇතැයි ඉකොනොමික් ටයිම්ස්’ වාර්තා කරයි.
එම ගුවන් යානා ඇණවුමට පුළුල් බඳ සහිත, පටු බඳ සහිත එයාර්බස් හා බෝයිංග් ගුවන් යානා අඩංගු වේ.
ඔවුන්ට අමතරව ඉන්දියාවේ විශාලතම ගුවන්යානා ජාලය වන ‘ඉන්දිගෝ’, ගුවන් යානා 500කට ආසන්න සංඛ්‍යාවක් ද, ‘ආකාස එයාර්’ පටු බඳක් සහිත බෝයිංග් ගුවන් යානා 72ක් ද, ‘ගෝ ෆස්ට්’ ගුවන් යානා 72ක් ද ලෙසින් ඇණවුම් කර තිබේ.
මේ අනුව, ඉන්දියාවේ දේශීය ගුවන් යානා සමාගම්වලින් යානා 1115ක් නිෂ්පාදන සමාගම්වලින් ඇණවුම් කර ඇත. වර්තමානයේ වාණිජ ගුවන් යානා 700ක් පමණ ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන අතර ඒ අතරින් වැඩි සංඛ්‍යාවක් පටු බඳ සහිත, තනි ඇංජිමේ ගුවන් යානා වේ.
ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ගුවන් සේවා වෙළෙඳපොළක් වන අතර ගුවන් යානා නිෂ්පාදකයා වන බෝයිං අඟහරුවාදා අනාවැකි පළ කළේ ඉදිරි දශක දෙක තුළ රටට නව ගුවන් යානා 2210 ක් පමණ අවශ්‍ය වනු ඇති අතර 2041 වන විට වාර්ෂික දේශීය ගුවන් ගමනාගමන වර්ධනය සියයට 7 කට ආසන්න වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.’







