ඊයේ (19) සිට වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස්පතිවරයාගෙ අණින් සිදුකළ ස්ථාන මාරුවීම් සිදුකරමින් පොලිස් ස්ථානාධිපතිවරුන් 09ක ගේ ස්ථානාධිපති ධූර අහෝසි කර සාමාන්‍ය සේවයේ යොදවා ඇත.
එසේ පොලිස් ස්ථානාධිපති ධූර අහෝසිකර සාමාන්‍ය රාජකාරියේ යොදවා ඇත්තේ අච්චුවේලි, මුල්ලියාවේලි, මුලංකාවිල්, කයිට්ස්, මාලඹේ, බම්බලපිටිය, බෙම්මුල්ල, කිරින්ද, සහ පට්ටිපොල පොලිස් ස්ථානාධිපතිවරුන්ය.
ස්ථාන මාරුවීම් කළ ස්ථානාධිපතිවරුන්ගෙන් සිය ධූරය ආරක්ෂා කරගත හැකිවී ඇත්තේ ප්‍රධාන පොලිස් පරික්ෂක අනිල් ජයන්තට පමණි. ඔහු කොළඹ වංචා විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති තනතුරේ සිට තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කර තිබේ.
එමෙන්ම සාමාන්‍ය රාජකාරිවල යෙදී සිටී පොලිස් නිලධාරීන් 05 දෙනෙක් වෙත පොලිස් ස්ථානාධිපති ධූර ලබා දී ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 02ක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 02ක්, පොලිස් ස්ථානාධිපතිවරුන් 10 දෙනෙක් සහ ප්‍රධාන පොලිස් පරික්ෂකකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 05ක් වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථාන මාරු කිරීම්වලට ලක් කර ඇත.