8 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ ඡන්දය ප්‍රකාශ කරීම අවසන් කර ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබේ.
අනිවාර්යෙන්ම අපේක්ෂකයෙකු ඉදිරියෙන් ‘1’ ළකුණු කළ යුතු බවත්, ඉන් අනතුරුව අනෙක් අපේක්ෂකයින්ගේ නම් ඉදිරියෙන් 2 හෝ 3 ළකුණු කර සිය මනාපය ලබා දිය හැකි බවත් ඡන්ද ප්‍රකාශනය සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙමින් තේරීම් භාර නිළධාරී ධම්මික දසනායක මහතා සඳහන් කළේය.
ඊට අමතරව ඡන්දය අවලංගු වෙන අවස්ථාව සම්බන්ධයෙන් ද ඔහු මන්ත්‍රීවරුන් දැනුවත් කළේය. එම අවස්ථා පහත පරිදි වේ.
1 ඡන්දය ලබා දෙන මන්ත්‍රීවරයා හඳුනාගත හැකි ලෙස නම හෝ සලකුණක් පත්‍රිකාව මත සටහන් කළහොත්
2 තේරීම් භාර නිළධාරියාගේ කෙටි අත්සන නොදරන ඡන්ද පත්‍රිකා
3 එක ඉලක්කම, කොටුවක ඇතුලත සලකුණු නොකෙරූ
4 එක් අපේක්ෂකයෙකුගේ නමට වඩා වැඩි ගණනාවක ඉදිරියෙන් 1 ලකුණු කරන
5 අංක 1 වෙනුවට කතිරයක්, හරි ලකුණක් යෙදුවුවහොත්
6 සලකුණු නොකරන ලද හෝ අවිනිශ්චිචතාවය හේතුවෙන් ඡන්දය ප්‍රකාශ නොකරන