සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස් වෙයි

by editor
මැයි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (03) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

මෙම පාලක මණ්ඩලය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂනායකවරයා, ජනාධිපති ලේකම්වරයා  සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයන් 07දෙනෙකුගෙන් සමන්විතය.

පත්කරන ලද සාමාජිකයෙක් ලෙස පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමි ද කටයුතු කරති.

වසර හතරකට පසු රැස් වූ මෙම පාලක සභා රැස්වීමට සියලු සාමාජිකයන් සහභාගී වූ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස   පමණක් ඊට සහභාගී නොවීය.

ජනාධිපති අරමුදලෙන් මහජනතාවට ලබා දෙන සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා තිබෙන අතර එම කටයුතු පිළිබඳ මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජනාධිපති අරමුදල සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලැබෙන ආදායම හා විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මුදල් යොදවනු ලබන අතර, ජනාධිපති අරමුදල වෙත ලැබෙන මුදලින් කොටසක් “මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යභාර අරමුදල” වෙත ප්‍රදානය කෙරේ.

අරමුදල් පනතෙහි බලතල ප්‍රකාරව අරමුදල ආරම්භයේ සිට මේ දක්වා මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මෙම අරමුදල විශාල කාර්යයක් සිදුකර ඇත.

විශේෂයෙන්ම ජනාධිපති අරමුදල තම අරමුණු අතරින් වැඩි දායකත්වයක් ලබා දී ඇත්තේ දරිද්‍රතාවයට සහන සැලසීම ප්‍රමුඛ පරමාර්ථය කර ගනිමින් රෝගී ජනතාව සඳහා වෛද්‍යාධාර ලබා දීමටය.

මේ යටතේ විවිධ රෝගාබාධ, සැත්කම් හා වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන්  මූල්‍යාධාර සැපයීම සිදු කෙරේ.

ජනාධිපති අරමුදල වෙත ලැබී තිබූ ගොනු 12,000ක් පමණ වන වෛද්‍යාධාර ඉල්ලීම් ජනාධිපතිවරයාගේ උපදෙස් හා ජනාධිපති ලේකම්වරයාගේ මඟපෙන්වීම යටතේ 2023-12-31 වන දින වන විට අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

ඒ අනුව ගොඩගැසී තිබූ අයදුම්පත්වල වැඩකටයුතු අවසන් කර සුදුස්සන් වෙත ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කෙරුණු අතර, ඒ සඳහා රුපියල් මිලියන 1,717කට අධික මුදලක් වැය කර තිබේ.

ඇතැම් අවස්ථාව දී වෛද්‍යාධාර ඉල්ලුම්කරුවන් වෙත වෛද්‍යාධාර ලබාදීමට වසර ගණනක් ගත වූ අවස්ථා ද දැකගත ගත හැක. ඊට පිළියමක් ලෙස ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර  ගේ මගපෙන්වීම යටතේ අයදුම් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා සරල කෙරුණු අතර, ඒ අනුව සතියකටත් අඩු කාලයක් තුළ ඉල්ලුම්කරුවන්ට ප්‍රතිලාභ ලබාගත හැකි පරිදි එම නව ක්‍රමවේදය කාර්යක්ෂම කර ඇත.

වෛද්‍ය ප්‍රතිලාභ ලබාදීම සඳහා අනුමත රෝහල් ප්‍රධාන නගර ආශ්‍රිතව කේන්ද්‍රගතව ඇති බැවින් ග්‍රාමීයව පිහිටි රෝහල් ද ලියාපදිංචි කිරීම ආරම්භ කිරීමෙන් දුරබැහැර ප්‍රදේශවල රෝගීන්ට ප්‍රතිකාර/සැත්කම් ග්‍රාමිය ප්‍රදේශවල අනුමත රෝහල්වලින් සිදු කර ගැනීමට වෛද්‍යාධාර ලබාදීමේ පහසුකම් සලසා ඇත.

එසේම මේ දක්වා ජනාධිපති අරමුදලින් මූල්‍යධාර ලබා දුන් රෝගවලට අමතරව රෝගීන්ගේ ඉල්ලීම් ද සලකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශය සහිතව නව රෝග ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇති අතර එමඟින් රෝගීන් විශාල සංඛ්‍යාවකට සෙත සලසා තිබේ.

වර්තමාන ආර්ථික  තත්ත්වය හා සැත්කම් / ප්‍රතිකාර සඳහා යන වියදම සලකා බලා වෛද්‍යාධාර ලෙස සියලුම රෝග සඳහා ගෙවනු ලබන වෛද්‍යාධාරයේ උපරිම සීමාවන් වැඩි කිරීමට ද කටයුතු කර ඇත.

මේ යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන් සඳහා තම ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කර ගැනීමට සහාය වීමට ද ජනාධිපති අරමුදල කටයුතු කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිතුවක්කාරී සංවර්ධන කටයුත්තක් නිසා ජේතවන සලපතල මළුවේ පෞරාණික ගල් පුවරු අනතුරේ!

Next Post

නව  ත්‍රස්ත විරෝධී පනත සමස්ථ පුරවැසි ප්‍රජාවම ත්‍රස්තවාදීන් කරන පනතක්…  ඒ නිසාම සමස්ථ පුරවැසි ප්‍රජාවම එක්ව පරාජය කළ යුතු පනතක්… GMOA

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.