නරේන්ද්‍ර සිං මෝදි මහතා ඉන්දියාවේ අග්‍රමාත්‍යවරයා ලෙස බලයට පත් වූ පසුව එරට ගුවන්තොටුපළ සංඛ්‍යාව 74 සිට 140 දක්වා දෙගුණයක් වැඩි වී ඇති බවත් ඉතිරි වසර පහ තුළ ගුවන් තොටුපළ 220ක් සංවර්ධනය කර මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවත් නිල ආරංචි මාර්ග පවසයි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා රටවල් අතර සම්බන්ධතාවය ඉහළ නැංවීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇති අතර විවිධ ගුවන් තොටුපලවල් විවෘත කිරීම සහ මුල්ගල් තබමින් මෙම මුලපිරීම පෙරමුණේ සිට මෙහෙයවූ බව ආරංචි මාර්ග ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා වෙත පවසා තිබේ.
නිල ආරංචි මාර්ග මෙම තොරතුරු හෙලිදරව් කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා ඉරිදා දින ගෝවා හි මෝපා ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමට සූදානම් වීමත් සමඟිනි.
මෝපා ජාත්‍යන්තර ගුවන් තොටුපළට මුල්ගල තැබුවේ 2016 නොවැම්බර් මාසයේදීය. මෙය ගෝවා හි දෙවන ගුවන් තොටුපළ වන අතර පළමු ගුවන් තොටුපළ ඩබෝලිම් හි පිහිටා ඇත. මෝපා ගුවන් තොටුපළ ඩබෝලිම් හි ඇති ගුවන් තොටුපළට වඩා වැඩි දියුණු කිරීම් කිහිපයක් ලබා දෙන බව නිලධාරීහු පවසති.