දිනසේන රතුගමගේ –
ඉන්දියානු රුපියල් කෝටි 110 ක් පමණ වටිනා (ශ්‍රි ලංකා රුපියල් කෝටි 325 ක් පමණ ) විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවේ සිට තලෙයිමන්නාරම දක්වා ප්‍රවාහනය කරමින් සිටි ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු හා මන්නාරමේ වැසියෙකු තමිල්නාඩුවේ රාමනාදන්පුරම් පොලීසිය විසින් ඊයේ 13 දා අත් අඩංගුවට ගෙන තිබේ.
ධීවර බෝට්ටුවක ආධාරයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති අතර අබින්,මර්ජුවානා,හෂීෂ් කේරළ ගංජා, ගංජා තෙල් ඇතුලු තවත් මත්ද්‍රව්‍ය මෙම බෝට්ටුවේ තිබී ඇත.
රාමනාදන්පුරම් පොලීසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් තුන් දෙනා හා මත්ද්‍රව්‍ය තොගය රාමනාදන්පුරම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.







