මැලේසියාවේ ඉකුත්දා පැවති එරට 15 වැනි මහ මැතිවරණයෙ කේන්ද්‍ර ගතව ව්‍යාජ සහ ප්‍රකෝපකාරී පුවත් අන්තර්ජලාය හරහා විශාල වශයෙන් බෙදා හැර ඇති බවට අනාවරණය වේ.
මෙහිදී දේශපාලඥයින් ව්‍යාජ තොරතුරු බෙදා හැරීමට අමතරව විශාල වශයෙන් තම මැතිවරණ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට සමාජ ජාල මාධ්‍ය යොදාගෙන ඇති බවට මෙහිදී තොරතුරු හෙලි වී තිබේ.
වාර්තා වන අන්දමට දේශපාලඥයින් විසින් ඉතා සූක්ෂම සිය දේශපාලන ව්‍යාපාරයට වාසි ලබා ගැනීමට සමාජ මාධ්‍ය යොදා ගැනීමට සිදුකර ඇත. එහිදී මැලේසියානු දේශපාලඥයින් විශාල ලෙස ටික් ටොක් සමාජ මාධ්‍ය යොදා ගැනීම සිදුකරුනු ලැබ ඇති බවටද අනාවරණය වේ.
එහිදී ඉතා සූක්ෂම ලෙස කෙටි වීඩියෝ පඨ නිර්මාණය කර ඒ්වා ටික්ටොක් වෙත මුදා හැර සිය දේශපාලන අරමුණ ඉටු කරගැනිමට අදාල දේශපාලඥයින් කටයුතු කර ඇති බවට තොරතුරු හෙලිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මෙවර මැලේසියානු මැතිවරණය ඉතා සැලසුම් සහඟත ලෙස ජය ගැනීමට දේශාපාලන පක්ෂ කටයුතු කර තිබූ අතර එහිදී මැතිවරණ නීති වන වෙනස්කම් කීපයද්ක සිදුකර තිබිණි.
ඒ් අනුව මෙවර මැතිවරණයේදී නව ඡන්ද දායකයින් ලක්ෂ හැටකට අවස්ථාව හිමිව තිබිණි. ඒහිදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස් සීමාවන් වෙනස් කිරීමටත් සමග අවුරුදු 18ත් 21ත් අතර වයස් වල පසුවන්නන් ලක්ෂ දොලහකට අවස්ථාව හිමිව තිබණි.
මෙහිදී මැලේසියානු දේශාපලන පක්ෂ චීන පාලන ක්‍රමයට සමගාමී උපක්‍රම යොදා ගෙන ඇති අතර ඒහිදී එරට වෙසෙන චීන ඩයස්පොරාවට ගැලපෙන අයුරින් කටයුතු කිරීමට විශේෂත්වයකි.