බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර දෙකක් තුළ මහනුවර නගරය තුළ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක්…. මහයියාව උමං මාර්ගය, ගැටඹේ ගුවන් පාලම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි!

by editor
පෙබරවාරි 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට ස්ථිර විසඳුම් ලබාදෙමින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති දෙකක වැඩකටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (06) ආරම්භ කෙරිණි.

මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීම සහ වසර කිහිපයක් ඇණහිට තිබූ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීම මින් ප්‍රධාන වේ.

මෙම සංවර්ධන ව්‍යාපෘති යටතේ  මහයියාව උමං මාර්ගය දින 273කින් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.  මහනුවර – යාපනය (A009) ප්‍රධාන මාර්ගයේ මහයියාව මංසන්දිය ආශ්‍රිතව පවතින වාහන තදබදය අවම කිරීම වෙනුවෙන් මෙම නව උමං මාර්ගය සැලසුම් කර ඇත.

ඒ සඳහා දරන ඇස්තමේන්තු ගත වියදම  රුපියල් මිලියන 699.6කි. උමගේ වැඩ අවසන් කිරීමට නියමිත කාලය  අද සිට දින 273කි. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි ජනාධිපතිවරයා උමං මාර්ගයේ සැලැස්ම නිරීක්ෂණය කළ අතර, එහි රැස්ව සිටි මහජනතාව සමග සුහද පිළිසඳරකද නිරත විය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

අනතුරුව ජනාධිපතිවරයා අද  පස්වරුවේ ගැටඹේ ගුවන් පාලම යළි ආරම්භ කිරීමේ වැඩසටහනට එක් විය.  මෙම ගුවන් පාලම ඉදිවන්නේ දේශීය අරමුදල් යටතේය.

ගැටඹේ ගුවන් පාලම වසර 2021 දී හංගේරියානු රජයේ ණය ආධාර මත ආරම්භ කළද, පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන්  වැඩ කටයුතු ඇණහිටියේය. මෙහි ප්‍රධාන පාලමේ දිග මීටර් 374කි. අතුරු පාලමේ දිග මීටර 172කි.  විලියම් ගොපල්ලව මාවත ඔස්සේ දුම්රිය මාර්ගයට සහ ගැටඹේ මංසන්දියට ඉහළින් මෙම ගුවන් පාලම විහිදෙනු ඇත.

ඉදිකිරීම සඳහා මුළු ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 12.27කි. එම මුදල් වෙන් වන්නේ මුලින් කී ලෙසම දේශීය අරමුදල්වලිනි. සැලසුම්ගත කර ඇත්තේ මාස 22කින් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහාය.

මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන මීටර් 6.5ක් පළල අතුරු ගුවන් පාලම හේතුවෙන් මහනුවර සිට පේරාදෙණිය දක්වා විලියම් ගොපල්ලව මාර්ගයේ ගමන් කරන වාහනවලට දුම්රිය හරස් මාර්ගය මඟහැර බාධාවකින් තොරව ගමන් කිරීමට අවස්ථාව හිමි වේ.

මෙම අවස්ථා දෙක සඳහාම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තනුර  ඇතුළු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

මහනුවර නගරයට පිවිසෙන සහ පිටවන ප්‍රධාන මාර්ග පද්ධතියේ මෙම නව වෙනස්කම් හරහා ඉදිරි වසර දෙක ඇතුළත නගරයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල පිම්මක් අපේක්ෂා කෙරේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් බිලියන 1.9 ක්

Next Post

ශ්‍රීලංගම නව කොන්දොස්තරවරියන්ට පත්වීම් පිරිනමයි: නව නිල ඇඳුමක් ද හඳුන්වා දෙයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.