අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලීසියට ඉඩ ලබා දෙමින් ආරක්ෂක අමාත්‍යංශය සිය අවසරය ලබා දී තිබේ.
ඔහු ඇතුලු තිදෙනෙකු මෙලෙස රැඳවුම් නියෝග මත තබා ගැනීමට කටයුතු කර ඇත්තේ අප්‍රේල් මස 9 වැනිදා සිට සිදු වූ අරගලය සම්බන්ධ ක්‍රියාකාරකම් සහ නීති කඩවීම් පිළිබඳව විමර්ශන සඳහා බව පොලීසිය අද නිවේදනය කළේය.
ඒ අනුව වසන්ත මුදලිගේට අමතරව ගල්වැව සිරිධම්ම හිමි, හෂාන්ත භවන්තු ගුණතිලක යන දෙදෙනාව ද දින 90ක රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.
අයුතු ජන රාශියක සාමාජිකයින් වීම හේතුවෙන් ඊයේ (18) එම විරෝධතා පෙළපාලිය අතරතුර කුරුදුවත්ත, බොරැල්ල සහ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථාන මඟින් සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.







