දිනසේන රතුගමගේ –
කාලයක් තිස්සේ තම බාරයේ රඳවා ගෙන සිටි නයි, රිලවුන් හා ඉත්තෑවන් වැනි සතුන් කීප දෙනෙකු වනයට මුදා හැරීමට වවුනියාවේ නොච්චිකුලම පාරම්පරික තෙළිගු ගම්මානයේ වැසියෝ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (ඊ.පී.ඩී.පී) කුලසිංහම් තිලීපන් මහතාට පොරොන්දු වූහ.

නොච්චිකුලම ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමට මන්ත්‍රීවරයා එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී තෙළිඟු වැසියන් විසින් වන සතුන් විශාල ප්‍රමාණයක් අල්ලාගෙන රඳවා ගෙන සිටින අයුරු දැක ඔවුන්ගෙන් මෙම ඉල්ලීම කොට තිබුණි.
සතුන් කීප දෙනෙකු පමණක් ළඟ තබා ගෙන ඉතිරි සතුන් සියලු දෙනාම වනයට මුදා හැරීමට තෙළිඟු වැසියන් කැමැත්ත පල කිරීමෙන් පසුව මන්ත්‍රීවරයා එම ගම්මානයට ගොස් සතුන් මුදා හැරීමේ කටයුත්ත ගම්වාසීන් සමග එක්ව සිදු කළේය.
එදිනෙදා ජීවනෝපායන් සිදු කරගැනිම සදහා උපයෝගී කර ගැනීමට මෙම වන සතුන් අල්ලා ගෙන සිටි බැවින් මන්ත්‍රීවරයා වවුනියාවේ නොච්චිකුලම ගම්මානයේ වැසියන්ට ජීවත්වීම සඳහා ව්‍යාපෘති කීපයක්ම හඳුන්වා දීමටද මෙහිදී තීරණය කොට තිබේ.









