දිනසේන රතුගමගේ
වවුනියාවේ පට්ටානිචචපුළියන්කුලම් ප්රදේශයේ තරුණ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පස් දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා වවුනියාව මහ රෝහලට 16 දා ඇතුළත් කොට තිබේ.
මෙසේ ඇතුළත් කළ පස් දෙනාගෙන් එක් තරුණයෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි
මෙම පහර දීමට හේතුව කුමක්දැයි වාර්තා වී නොමැති අතර තරුණයන් පිරිසක් මෝටර් රථයකින් යමින් සිටියදී පට්ටානිච්චපුලියන්කුලම හන්දිය දක්වා යතුරුපැදිවලින් හඹා ආ පිරිසක් මෝටර් රථයේ සිටි තරුණයන්ට පහර දී තිබේ.
ඔවුන්ද රථයෙන් බිමට බැස ප්රහාර එල්ල කළ තරුණයන්ට ප්රති ප්රහාර එල්ල කිරීමට පටන් ගැනීම නිසා ගැටුම දුරදිග ගොස් තිබේ.
නෙලුකුලම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







