කීර්ති ප්‍රනාන්දු –
වර්ජනය ඉතාම සාර්ථක බවත් තම කාඩරයේ ඇති ඉන්ධන ප්‍රවාහනයේ නියුතු එකම ඉන්ධන ප්‍රවාහන ටැංකි රථයක්වත් සේවයට වාර්තා කර නැති බවත් ඉන්ධන ප්‍රවාහන පෞද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පවසයි.
ඇමතිවරයා කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තර්ජනයක් බව කියන එම සංගමය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමන්ට ඇති අයිතියක් මත විධිමත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙද්දී ප්‍රශ්නයට පිළිතුරු නොදී බලපත්‍ර අහෝසි කරනවා නම් එය ක්‍රියාත්මක කරන බලන ලෙස ද පවසයි.
“ හරි.. අපේ බලපත්‍ර අද ඉඳලා අවලංගු කළා කියමු. දුවන්න වාහන කෝ… මේ ක්ෂේත්‍රයේ තත්ත්වය තේරුම් ගන්න ඕන. අපි ඉල්ලුවෙ ඉතාම සාධාරණ මිල සංශෝධනයක්.“
සම ලේකම්වරයා කීවේය.
කෙසේ නමුත් ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් තමන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බවත් සංගමය නිවේදනය කළේය.







