රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් 2021 අධ්‍යයන වර්ෂය සඳහා ආරම්භ කිරීමේදී සිසුන් කොටස් වශයෙන් ගෙන්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තුමා මගින් සියලුම අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී තිබුණි.
පාසලට කැඳවිය යුතු ආකාරය වූයේ පන්තියක සංඛ්‍යාව 20 නම් සෑම දිනකම පන්ති පැවැත්වීමට ද .සිසුන් 21 සිට 40 දක්වා නම් පන්ති සිසුන් කණ්ඩායම් දෙකකට වෙන් කර සතියක් හැර සතියක් පන්ති පැවැත්වීමට ද.
සිසුන් 40 ට වැඩි නම් සිසුන් සමාන කොටස් තුනකට බෙදා වෙන් කර පන්ති පැවැත්වීම ද යනුවෙනි.
ඒ අනුව බොහෝ පාසල්වල සිසුන් එක් සතියක ගැහැනු හෝ පිරිමි දරුවන් ද අනෙක් සතියේ ගැහැනු හෝ පිරිමි දරුවන් ද යනුවෙන් කාණ්ඩ කොට ගෙන්වීමට සැලසුම් කර ඇත .
නමුත් එසේ තිබියදී වයඹ පළාත් අධ්‍යක්ෂක වරයා සියලු ම පාසැල් වෙත ලිපියක් යවමින් කියා සිටින්නේ 2021 වර්ෂය සඳහා මාර්තු මස 14 වැනි දින වාර පරීක්ෂණය පැවැත්විය යුතු බවයි .
බොහෝ පාසල්වල පිරිමි දරුවන් හෝ ගැහැනු දරුවන් මුලින්ම පාසලට පැමිණෙන්නේ දිනටය . එදිනම ඔවුන් වාර පරීක්ෂණයට පෙනී සිටිය යුතුය.
අධ්‍යාපන බලධාරීන් විසින් ගන්න මෙවැනි තීන්දු තීරණ නිසා දරුවන් මෙන්ම ගුරුවරුන්ද මහත් අසීරුතාවයකට පත් වන බවට ගුරුවරු චෝදනා කරති .