බටහිර රටවල් දැඩි ආර්ථික සම්බාධක පනවා ඇති මොහොතකට පාකිස්තානය විසින් රුසියාව සමඟ මහා පරිමාන වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා ඇත.
ඒ අනුව පාකිස්තානය විසින් රුසියාවෙන් ස්භාවික ගෑස් සහ තිරිඟු ටොන් මිලියන දෙකක් ආනයනය කිරීමට නියමිතය.
පාකිස්තානය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහය පැතීමට යන අවස්ථාවක මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට අවාසි සහගත වීමටද ඉඩ පවතී.
කෙසේවෙතත් පසුගිය කාලයේදී පාකිස්තානය රුසියාවට සහ චීනය සමඟ ඉතා සමීපව කටයුතු කරන අයුරුද දැක ගන්නට ලැබිණි.







