දිනසේන රතුගමගේ –
අවුරුද්දක් පමණ වයස වන අලි පැටවෙකු වවුනියාවේ මඩුකන්ද ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී සිටියදී ගම්වාසින් විසින් 24 දා දැක තිබේ.
වන අලි පැටවා වැටී ඇත්තේ එම ළිදේ මැද තවත් ගැඹුරු කරණ ලද කුඩා වළකට වීම නිසා ඌව ගොඩ ගැනීමට ගම්වාසීන්ට හා වන ජීවී නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණි.
පැය විස්සක පමණ කාලයක් මේ සඳහා ගත වූ අතර බැකෝ යන්ත්‍රයක හා ගම්වාසීන්ගේ සහය මත ළිදේ මද වළක සිර වී සිටි වන අලි පැටවා මුදා ගෙන වන ජීවී නිලධාරීන් විසින් ඌව කැළයට මුදා හැර තිබේ.









