බලපිටිය අධිකරණ සංකීර්ණය අසලදී අද (මැයි 26) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ප්‍රදේශයේ ප්‍රකට පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයා වන මෙම පුද්ගලයා රෝහල් ගත කර ඇත.
අද පෙරවරුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් බලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.