ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Paul Stephens ඊයේ දඹානේ දි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ සමඟ සාකච්ඡාවක නිරත වූහ.
ආදිවාසින්ගේ ඉතිහාසය සහ ඔවුන් මුහණ දෙන වත්මන් අභියෝග පිළිබඳව මහ කොමසාරිස්වරයාගේ අවධානයට ලක් වූයේය.
“වැදි නායක ඌරුවරිගේ වන්නියලෙත්තෝ ඇතුළු ආදිවාසී ප්‍රජාව අද මුණගැසී ඔවුන්ගේ ඉතිහාසය සහ වත්මන් අභියෝග පිළිබඳව අධ්‍යයනය කිරීමට ලැබීම ගෞරවයක්” යැයි මහ කොමසාරිස්වරයා ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කීවේය.
“තිරසාර ජීවනෝපායන් ගොඩනඟා ගැනීමට සහ සංස්කෘතියට සහ රටට සම්බන්ධ වීමට ඔවුන් දරන ප්රයත්නයත් ඕස්ට්‍රේලියාවේ මුල් ප්රජාවන්ගේ අත්දැකීමත් අතර සමානකම් දකිමි,” ඔහු ප්‍රකාශ කළේය.
(2/2) In their efforts to both build sustainable livelihoods and maintain connection to culture and country I see parallels with 🇦🇺 First Nations communities.
— Australia in Sri Lanka (@AusHCSriLanka) August 30, 2023