අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වතුරට වැටුණු ෆෝන් එක හොයාගන්න ජලාශයක් හිස් කළ ආහාර පරීක්ෂකවරයාට දැඩි දඬුවම්!

by editor
මැයි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඒමන්ති මාරඹේ –

තම පින්තුරයක් (සෙල්ෆි ) ලබා ගැනීමට ගොස් ජලාශයකට වැටුණු ජංගම දුරකථනය සොයා ගැනීම සඳහා ජලාශයේ පිරි තිබු ජලය ලීටර් මිලියන 4.1ක් ඉවත් කළ ඉන්දියාවේ ආහාර පරීක්ෂකවරයාගේ සේවය අත් හිටුවා ඔහුට එරෙහිව උපරිම දඩයක් නියම කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

රාජේශ් විශ්වාස් නමැති මෙම ආහාර පරීක්ෂකවරයාට මේ අනුව නිසි බලධාරීන්ගේ අවසරයක් නොමැතිව ජලාශයක පිරී තිබු ලීටර් මිලියන ගණනක ජලය ජල පොම්පයක් ආධාරයෙන් ඉවත් කිරීමේ වරදට ඉන්දීය රුපියල් 53,092ක දඩ මුදලක්ද සිය රජයේ නිලධාරී තනතුර අවභාවිත කිරීමේ වරද වෙනුවෙන් ඉන්දීය රුපියල් 10,000ක දඩ මුදලක්ද ගෙවා දැමීමට බලධාරීන් විසින් නියම කර තිබේ .
විශ්වාස් නමැති මෙම ආහාර පරීක්ෂකවරයා ඉකුත් සතියේදී චට්ටිස්ගාර් ප්‍රාන්තයේ “කෙර් කට්ටා “වේල්ල වෙත ගිය අවස්ථාවේදී සිය ජායාරුපයක් (සෙල්ෆි ) ගැනීමට යාමේදී ඔහු සතුව තිබු රුපියල් ලක්‍ෂයක් පමණ වටිනා සැම්සුන් ජංගම දුරකථනය ජලාශයට වැටි තිබිණි.

එම ප්‍රදේශයේ සිටින කිමිදුම්කරුවන්ට ජලාශයට වැටුණු ජංගම දුරකථනය සොයා ගැනීමට නොහැකි වීම නිසා මුදල් ගෙවා ඩිසල් ජල පොම්පයක් ගෙන්වාගෙන ඇති අදාළ නිලධාරියා නිසි බලධරයෙකුගේ අවසරයකින් තොරව දින ගණනක් මුළුල්ලේ එම ජල පොම්පයෙන් ජලය ලීටර් මිලියන 4.1ක් ඉවත් කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ .

එසේ ජලය ඉවත් කළ පසු ජලාශයේ පතුලේ තිබී නිලධාරියාගේ නැති වූ ජංගම දුරකථනය සොයාගෙන ඇතත් ඒ වන විට එහි භාවිත කළ නොහැකි තරම් ජලය පිරි තිබී ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම නිලධාරියා සිය ජංගම දුරකථනය සොයා ගැනීම සඳහා මේ සා ජලය ප්‍රමාණයක් ජලාශයෙන් ඉවත් කර ඇත්තේ අදාළ දුරකථනයෙහි රජයට අයත් ඉතාමත් සංවේදී තොරතුරු ගබඩා කර ඇති බව පවසමින් වුවද ඔහුගේ මෙම ක්‍රියාව පිළිබඳව මාධ්‍ය විසින් හෙළිදරව් කිරීමත් සමගම රට පුරා එම ක්‍රියාවට එරෙහිව මේ වන විට දැඩි විරෝධයක් හට ගෙන තිබේ .

මෙම ආහාර පරීක්ෂක වරයාගේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කර ඇති ඉන්දීය දේශපාලනඥයන් මෙම ගිම්භාන සමයේ ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක විශාල ජනතාවක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා සිටියදී මෙසේ ජලය විශාල ප්‍රමාණයක් නිකරුණේ අපතේ යැවීම අපරාධයක් බව පවසා තිබේ .

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

කෙසේ වුවද චෝදනාවට ලක්ව සිටින රාජේශ් විශ්වාස් මාධ්‍යයට,පවසා තිබුණේ තමා ජලාශයේ ජලය ඉවත් කිරීමට පෙර බලධාරියෙකුගෙන් වාචිකව, ඒ සම්බන්දයෙන් අවසරය ලබා ගත් බවයි.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මඩකලපු දුම්රියේ ගැටුණු ඇතින්නකට අසාධ්‍යයයි!… පණ අදින ඇතින්න අසල අලි පැටියෙක් ගැවසෙමින් ඉඳලා…

Next Post

ඔක්ටේන් 92 අඩුවේ.. 95 වැඩිවේ… අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුවන ඉන්ධන මිල සංශෝධනය මෙන්න!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.