කීර්ති ප්‍රනාන්දු –
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ද ලංකා භූමිතෙල් මිල ද රුපියල් 50කින් ද, ලංකා කාර්මික භූමිතෙල් මිල ද රුපියල් 60කින් ද, පහළ දමමින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318කි. ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245කි. කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270කි.
මේ අතර ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 385කි.
එසේම ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 340කි.
IOC සමාගම ද මෙම ඉන්ධන මිල ගණන් අනුව ස්වකීය ඉන්ධන මිල සංශෝධනය කරන බව නිවේදනය කර ඇත.
නව මිල ගණන් පහත වගුවේ දැක්වේ.