බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාම පුවරුවේ සහ බැනරයේ එල්ලී පැමිණිය හැකි යටත් විජිතවාදය

by Lanka Sara Editor
මැයි 31, 2023 - Updated on ජූනි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බලවත් යයි කියා ගන්නා ලෝකයේ බොහෝ  රටවල් සිය ගෝලීය හෝ කලාපීය බල ව්‍යාප්තිය සඳහා විවිධ උප්පරවැට්ටි යොදති.  බලසම්පන්න යයි කියන රටවල් බොහෝ විට බලන්නේ සිය දේශපාලන ව්‍යාප්තවාදයෙන් එහා ගිය සංස්කෘතිකමය හෝ  ආගමික බල ව්‍යාප්තියක්ද සිදු කොට ඔවුන්ට සමීප චින්තන සහ සංස්කෘතික රටාවක් රට තුළ නිර්මාණය කරවීම ය.

මෙසේ ක්‍රියා කරන එක් රටක් වන්නේ චීනයයි. චීනය සිය බල ව්‍යාප්තිය සඳහා ඉතාම සූක්ෂම ආකාරයෙන්  භාෂාව සහ සංස්කෘතිය ව්‍යාප්ත කරමින් සිටින බව මේ වන විට චෝදනා රැසක් එල්ල වී ඇත.  වසර ගණනාවක් තිස්සේ එක්සත් ජනපදයේ සහ බටහිර රටවල් රැසක පවතින ප්‍රසිද්ධ ‘චයිනා ටවුන්’ තැන් තැන්වල හැදෙන චයිනීස් රෙස්ටූරන්ට් ආදියද මෙම සංස්කෘතික යටත් විජිතයේ “භාණ්ඩ නොවේ යයි කිව නොහැකිය

මෑතක සිට  විශේෂයෙන් බටහිර රටවල ව්‍යප්ත වන  චීන ‘කොන්ෆියුසස් ආයතන’ පිළිබඳව ද කතාව ඒ අයුරින්ම නිර්මාණය වී ඇත. මේ වනවිට දශක දෙකකට අඩු කාලයකදී  කොන්ෆියුසියස් ආයතන සිය ගණනක් රටවල් 150කට වැඩි ගණනක පිහිටුවා ඇති බව සඳහන් වේ. ඒවාට විවිධ අවස්ථාවලදී විවිධ අරුත් ලබා දෙන්නටද චීනය සූක්ෂම වී ඇත. මෑතකදී  චීන ජනාධිපති ෂී ජින්පින් එම ආයතන හඳුන්වා දුන්නේ ලෝක සාමය සහ අන්තර්ජාතික සහයෝගීතාවය සඳහා චීනයේ නොනවතින උත්සාහයේ සංකේතයක්” ලෙසය.

මේවා  ජර්මනියේ Goethe-Institut හෝ බ්‍රිතාන්‍යයේ British Council වැනි සංවිධානවලට සමාන බව චීනය පවසයි.  මෙම කොන්ෆියුසස් ආයතන හරහා චීන භාෂා පාඩම් සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන් ඉදිරිපත් කරයි. විශේෂත්වය වන්නේ කොන්ෆියුසස් ආයතන පෙර කී බටහිර ආයතන මෙන් නොව, ඒවා පවතින රටවල විශ්වවිද්‍යාල තුළ ස්ථාපනය කර ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ වෙතත් චීනයේ මෙම භාෂා මධ්‍යස්ථාන චීනයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය විසින් දේශපාලන අරමුණු සඳහා භාවිත කරනු ලබන බව ට මීට ටික කලකට පෙර ජර්මනියෙන් චෝදනා නැගුණි.

ජර්මනිය පමණක් නොව බ්‍රිතාන්‍යය විසින්ද මේ වන විට ප්‍රසිද්ධියේම මෙම චීන ප්‍රචාරක යාන්ත්‍රණය කෙරෙහි විරෝධය දක්වා තිබේ.  වත්මන් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂි සුනක් බලයට පත් වීමේදී  දුන් පොරොන්දුවලින් එකක් වූයේ තම රට තුළ පවතින චීන කොන්ෆියුසස් ආයතන වසා දැමීමට පියවර ගන්නා බවයි. ඇමෙරිකා  එක්සත් ජනපදය පදනම් කරගත් ජාතික විද්වතුන්ගේ සංගමය (NAS) පසුගිය වසරේ ජූනි මස වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇතැම් ඇමෙරිකානු විශ්වවිද්‍යාල චීන රජය සමඟ රහසිගත ගිවිසුම් අත්සන් කර ඇති බවයි. එම ගිවිසුම් මුළුමනින්ම චීනයේ මුදල් මත පදනම්ව ඇති බවට තොරතුරු හෙළිව තිබේ.

මෙම අනාවරණයන් සමඟ මෙම ආයතන ගණනාවක් වසා දැමීමට ඇමෙරිකානු රජය පියවර ගෙන ඇත.

කොන්ෆියුසස් ආයතන අප දන්නා තරමින් ශ්‍රි ලංකාවේ නැත. ඒවා තිබුණද ප්‍රමඛ වන්නේ නැත.

එවැනි සූක්ෂම යාන්ත්‍රණයක අවශ්‍යතාව පැන නොනැගෙන තරමට චීන සංස්කෘතිකමය ආධිපත්‍යය ශ්‍රි ලංකාවට සමීප වී ඇතිද යන්න දැනෙන්නේ රට තුළ පවතින ප්‍රවණතා විමසන කලය. මෑතකදී වාර්තා වුණු එවැනි සිදුවීමක් වන්නේ, මේ වන විට රට තුළ ක්‍රියාත්මක චීන ව්‍යාපෘති රැසක් ආශ්‍රිතවම චීන භාෂාවෙන් නාම පුවරු ක්‍රියාත්මක ප්‍රදර්ශනය කිරීමයි.

චීනය විසින් කොන්ත්‍රාත් පදනමින් සිදු කරන ඉදිකිරීම්  ව්‍යාපෘතිවලදී සේම චීන රජයේ ආධාර අනුග්‍රහ ඇති ව සිදු කෙරෙන ආධාර බෙදා දීම් වැනි සමාජ සත්කාරවලදීද ඔවුන් දැන වැඩි වැඩඩියෙන් චීන භා මැන්ඩරින් භාෂාවෙන් පෝස්ටර බැනර ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් රට තුළ යම් මතයක් නිර්මාණය වී ඇත.

මෙහිදී තවත් කාරණයක් මතු කිරීම වැදගත්ය.  එනම්, ජාතික භාෂාවන්ට අමතරව වෙනත් භාෂාවලින් මං මාවත්වලට නම් යොදා ඇත්නම්, ඒවා කඩිනමින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව 2021 වසරෙදී ගන්නා ලද තීරණයයි.  එහිදචී විශේෂ අවධානයක් යොමු වූයේ නැගෙනහිර පළාතේ අ.තැම් නගරවල මංමාවත්වල අරාබි භාෂාවෙන් යොදා ඇති නාම පුවරු ය. විශේෂයෙන් 2019 වසරේදී එලල් වූ අන්තවාදී ත්‍රසත පුහාරයෙන් පසුව මේ ගැන වැඩි උනන්දුවක් ජනිත විය.

 

මෙහි පදනම වූයේ ජාතික භාෂාවට අමතරව වෙනත් භාෂාවක් එම නාම පුවරු සඳහා ඇතුළත්ව ඇත්නම් ඒවා ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින පෙන්වා දෙනු ලැබීමයි.

ජාතික භාෂාවන්ට අමතර ව වෙනත් භාෂාවක් නාම පුවරුවලට එක් කිරීම සම්බන්ධයෙන් එම රාජ්‍ය ආයතනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ පළාත් මහා අධිකරණයේ නඩු පැවරීමට හැකිය. ඒ බව   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද පැහැදිලි කර දී තිබේ. එමෙන්ම එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත්, පාර්ලිමේන්තුවටත් පැමිණිලි කිරීමේ හැකියාවක් මේ රටේ ජීවත් වන  ඕනෑම පුරවැසියෙකුට පවතී. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව යම් නාම පුවරුවක් මහ ජනයාට ප්‍රදර්ශනය කරන්නේ නම්, සිංහල සහ දෙමළ භාෂාවට ප්‍රධාන තැනක් ලබාදිය යුතු වන්නේය.  එසේම ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාවක් වන නිසා  එයට තෙවැනි තැන ලබාදිය යුතු බව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් අවධාරණය කරනු ලැබ  ඇත.

මෙම තත්ත්වය වලංගු වන්නේ  නාම පුවරුවලට අදාළ ව පමණක් ම නොවේ.  රට තුළ රාජ්‍ය මට්ටමින් සිදු කෙරෙන භාෂා භාවිතයට පොදුවේ පවතින නිර්ණායක අනිවාර්ය කර තිබේ. එම නිසා රට තුළ විදේශීය භාෂාවක් ප්‍රසිද්ධ කටයුතු සඳහා භාවිත කරන්නේ නම්, ඒ සඳහා වන ප්‍රමිතිය නිරීක්ෂණය කිරීමට විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් පැවැතිය යුතුය.

මෙම ගැටලුව චීනය සංදර්භයේ අද පැමිණියද හෙට තවත් රටක් සිය ව්‍යාප්ත වාදය තුල එලෙස සිදු කළ හැකිය. අද ශ්‍රි ලංකාව චීනයට ණය වී ඇති තරමට සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ යම් සීමා මායිම් මැද චීනයට මෙ භාෂා ප්‍රශ්නය ගැන දැඩි බලපෑමක් කිරීම ට පසුබට වනවා වන්නට පුළුවන්. මේ පසුබිම තළ වඩාත් ගටලු සහගත වන්නේ තවත එවැනි රටක් ස්වකීය භාෂාව භාවිත කරන්නට ගියහොත් නිර්මාණය විය හැකි වියවුලය.

මෙම තත්ත්ව හමුවේ අනුගමනය කළ යුතු වඩාත් වැදගත් පියවර වන්නේ අදාල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්ට රටේ ස්ථාවරය සෘජුව ප්‍රතාහ කිරීමය. ඒ මඟින් නිර්මාණය විය හැකි බොහෝ ගැටලු අවම කර ගත හැකි වනු ඇත. ඊට අමතරව කළ යුතු තවත් වැදගත් පියවරක් වන්නේ රටේ යාන්ත්‍රණය ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාත්මක කිරීමය.

Share69Tweet43
Previous Post

ඔක්ටේන් 92 අඩුවේ.. 95 වැඩිවේ… අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුවන ඉන්ධන මිල සංශෝධනය මෙන්න!

Next Post

රජයේ පශු වෛද්‍ය සේවය බිඳ වැටී ඇති හැටි පශු වෛද්‍යවරු කියති…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.