වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරුගේ ක්‍රීඩා කාමරයේ ටී 56 ගිනි අවියක්, මැගසින් 04ක්, උණ්ඩ 125 ක්, මි:මී:9 උණ්ඩ 18ක් සහ පොලිස් නිළධාරීන් භාවිතා කරනු ලබන ක්‍රීඩා ඇදුම් කට්ටලයක් සමග එම පුහුණුකරු මහබාගේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ගේ ගෝලයෙකුවන දැනට විදේශගතව සිටිනා අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය මුදල් එක්රැස් කරදීම සහ එම මුදල් උණ්ඩියල් ක්‍රමයට විදේශගත ජාවාරම්කරුවන් වෙත ලබාදීම සම්බන්ධව ක්‍රිකට් පුහුණුකරු ගැන තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබිණි.
මෙම සැකකාර ගුරුවරයා මෙම ගිනිඅවිය සහ උණ්ඩ පාසලේ ක්‍රීඩා කාමරයේ අල්මාරියක සඟවා තිබීයදී විමර්ශන නිළධාරීන් විසින් සොයා ගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.