බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව ආර්ථික කොමිසම පිහිටුවා බාධක ඉවත් කරනවා.. ඇවිත් උතුරේ ආයෝජනය කරන්න… ජනපති දෙමළ ඩයස්පෝරාවට යළිත් ආරාධනා කරයි!

by editor
ජනවාරි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

උතුරේ ආයෝජනය කිරීමට එක්වන ලෙස දෙමළ ඩයස්පෝරාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළිත් වරක් ආරාධනා කළේය.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (04) පැවති යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් මේ බව පැවසූ ජනාධිපතිවරයා කීවේ අතුරු දහන් වූවන්ගේ ප්‍රශ්නය ඉදිරි මාස 06 තුළ විසඳන බවත්  2025න් පසු කිසිම පුද්ගලයෙක් අවතැන් වූවෙක් ලෙස මේ රට තුළ සිටිය නොහැකි බවත්ය. වහාම ඒ ප්‍රශ්නය විසඳන ලෙස ජනාධිපතිවරයා  නිලධාරීන්ට දැනුම් දුන්නේය.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  15ම ආවරණය වන පරිදි  ලියාපදිංචි කර ඇති අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 1788කි. ඊට අදාළ  පැමිණිලි 1289 කට සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේ.

ඉතිරිව පවතින 500 ක පමණ පැමිණිලි සංඛ්‍යාව කඩිනමින් විභාග කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉදිරි මාස හය ඇතුළත එම කාර්යය අවසන් කිරීම සඳහා අතුරුදන් වූවන්ගේ කාර්යාලය සමග සම්බන්ධ වී කටයුතු කරන ලෙස ද උපදෙස් දුන්නේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වී සීටී මෙම රැස්වීමේදී එම දිස්ත්‍රික්ක තුළ මෙතෙක් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති, ඉදිරි සැලසුම් සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ පුළුල් ලෙස විමසා බැලිනි.

නැවත පදිංචි කිරීම්, අධ්‍යාපන ,සෞඛ්‍ය, ඉඩම් , ධීවර, කෘෂිකර්ම සහ වන සංරක්ෂණ යන ක්ෂේත්‍ර පිළිබඳ සහ උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානය යොමු කෙරිණි.

උතුරු පළාත සංවර්ධනයට අවශ්‍ය සැලැස්ම සකස් කරමින් උතුර වේගවත් දියුණුවක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළට එක්වන ලෙස උතුරු පළාත නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක්ව රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනම් කළයුතු බවද අවධාරණය කළේය.

එමෙන්ම නව ආර්ථික කොමිසම ස්ථාපිත කිරීමෙන් පසු ඕනෑම අයෙකුට මෙරටට පැමිණ අයෝජනය කිරීමට අවස්ථාව සැලෙසන බවද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා එක්වීමට විදේශගතව සිටින ඩයස්පෝරාවට ආරාධනා කරන බව ද පැවසීය.

උතුරේ බලශක්තිය සුරක්ෂිත කරමින් බලශක්තිය අපනයනය සඳහා රට සූදානම් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා පුනරීන් බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ගොඩනඟන බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උතුරේ කෘෂිකර්මාන්තය නවීකරණයට නතුකරමින් උතුරු පළාත මෙරට කෘෂිකර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

උතුරු පළාතේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානයට යොමු කළ අතර පලාලි ගුවන්තොටුපළ සහ ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය  ඉඩම් ප්‍රමාණය පිළිබඳ මෙම පෙබරවාරි මස වන විට  අවසන් තීරණයකට එළැඹෙන බවද සඳහන් කළේය.

යාපනයට පැමිණ උතුරේ ඉඩම් ප්‍රශ්නය කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස ඉඩම් අමාත්‍යංශයේ නිලධාරීන්ට  උපදෙස් ලබා දෙන බවද ජනාධිපතිවරයා පැවසිය.

උතුරේ ජල ප්‍රශ්නයට විසදුම්  ලබාදීම වෙනුවෙන් ජල යෝජනා ක්‍රම දෙකක් සඳහා  මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙන බවත්, මීට පෙර ක්‍රියාත්මක කර තිබූ ජල ව්‍යාපෘති සදහා ගෙවීමට නියමිත මුදල් ද මේ වන විට ලබාදීමට පියවර ගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත්  මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව  රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බව ජනාධිපතිවරයා පැවසුවේය.  ජනාධිපතිවරයා කීවේ රටේ ආර්ථිකය  ස්ථාවර කිරීමත් සමඟ  සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවය.

මෙම වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3% ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර 2025 දී එය 5% ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ  ක්‍රිකට් පුහුණුකරු ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ විද්‍යාලයේ ක්‍රීඩා කාමරය තුළ සඟවාගෙන ඉඳලා… පුහුණුකරු බඩුත් එක්ක අත් අඩංගුවට…

Next Post

දකුණු මුහුදේ දී කුඩු තොගයක් සහිත යාත්‍රාවක් අල්ලයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.