අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වංචාව සහ දූෂණය මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව හරීන් ඊයේ  නිල වශයෙන් ප්‍රකාශ කළා… රොෂාන් කියයි… හරීන් – රොෂාන් පාර්ලිමේන්තුවේ දී  ගැටෙති…

by editor
දෙසැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඔබ අමුතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට මේ විගණන වාර්තාව යවන්න දෙයක් නෑ…. ඒක මම යැව්වේ අගෝස්තු 23… රොෂාන් හරීන්ට කියයි…

  • මා කතා කරන්නේ 69 ලක්ෂයට දුන් සාධාරණ සමාජයක් නිර්මාණය කළ පොරොන්දුව වෙනුවෙන්.. වැඩ කරන්නෙත් ඒ වෙනුවෙන්… මා විපක්ෂයට යනවා කියලා බොරු කතා කියමින් කැත වැඩ කරන්න එපා… රොෂාන්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්! 

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි කරමින් ක්‍රීඩා අමාත්‍ය හරේන් ප්‍රනාන්දු ඊයේ නිල වශයෙන් මේ රටේ වංචාව සහ දූෂණය පිළිගත් බව හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එමෙන්ම තමන් පෙනී සිටින්නේ තමන්ට බලය ලබා දුන් හැට නව ලක්ෂයේ ජන වරම වෙනුවෙන් බවත්, තමන් කතා කරන්නේ දූෂණයට වංචාවට එරෙහිව ක්‍රියා කිරීමට ජනතාවට ලබා දුන් පොරොන්දුව මත බවත්, මේ වනවිට තමන් විපක්ෂයට යෑමට සූදානම් බවට පලවන කතා අමූලික බොරු බවත් ප්‍රකාශ කරමින් ආණ්ඩුවට කීවේ කැත වැඩ නොකරන ලෙසය.

හිටපු ඇමතිවරයා මෙසේ කීවේය.

“   ශ්‍රී ලංකා ක්‍රිකට් එක සම්බන්ධයෙන් විගණනය කරලා විගණනයේ උත්තරීතරම ආයතනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ ඉදිරිපත් කරලා තිබ්බා. ඒ අනුව තමයි   මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් මට බලතල දීලා තිබුණේ ක්‍රීඩා පනතේ 32 හා 33 යටතේ දූෂණයක් සිදුවී ඇතිනම් ගත යුතු  ක්‍රියාමාර්ග ගන්න. මම වහාම ඒ ක්‍රියාමාර්ග යටතේ කටයුතු කළා.”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“  ඒ අනුව 2023 නොවැම්බර් මස 05 වැනිදා මා විසින් ගෙනාපු ගැසට් පත්‍රය 2356/43 ඊයේ දිනයේ ක්‍රීඩා අමාත්‍යවයා විසින් ඉවත් කරලා තිබ්බා. ඒ කියන්නේ දූෂණය ආණ්ඩුව නිල වශයෙන් අනුමත කරන වගයි මේකෙන් පේන්නේ. මොකද විගණන දෙපාර්තමේන්තුවට වඩා වැඩි ආයතනයක් නෑ  රටේ විගණනය සම්බන්ධයෙන්.”

මේ අවස්ථාවේ දී හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමතිවරයා නැගී සිට මෙසේ කීවේය.

“ඊයේ දවසේ දි වෙච්චි සිද්ධියෙදි කිව්වා හොරු ආරක්ෂා කරන්න ගැසට් එකක් අයින් කළා කියලා. එහෙම එකක් වුනේ නෑ. අයි.සී.සී.යට ලිපියක් යැව්වා ඔඩිටර් ජනරල් වාර්තාව එක්ක නිරික්ෂණයට. මොකද ඒ මුදල් අයිතිය තියෙන්නේ අයි.සී.සී. එකට. ඒ ලිපිය මම සභාගත කරන්නම්. “

“ඒ වගේම ලංකාවේ නීතියක් තියනවා හොරකම් කිරිම සම්බන්ධව  ඇටර්නි ජනරල් දෙපාර්තමේන්තුවට . 2019 ගෙනාපු දූෂණ මර්ධන නීතියක් තියනවා. ඒක යටතේ හොරකම් කරන එකට දඬුවම් කරන්න  ඇටර්නි ජනරල් දෙපාර්තමේන්තුවට භාර දීලා තියනවා.”

“නමුත් අයි.සී.සී. තහනම ඉවත් කරගන්න ගැසට් එක අයින් කරගන්න සිද්ධ වුනා. වැරදි අර්ථ කථනයක් කරන්න එපා ගැසට් එක අයින් කළේ හොරු රකින්න කියලා. “

ඒ අවස්ථාවේ දී රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා නැගී සිට පැවසුවේ මේ  විගණන වාර්තාව  නීතිපති වරයාට යැව්වේ අගොස්තු 23 වැනිදා බවය. සිද්ධිය සම්බන්ධව අයි.සී.සී එකත් දැනුම්වත් කර ඇති බවය.

රට නොමග නොයවන ලෙස ඔහු හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාට කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිට සුදු තණපෙත්තා උතුරේ කුඹුරු අක්කර 22000ක් වනසයි… කිසිම පළිබෝධ නාශකයකින් පාලනය වෙන්නේ නෑ…

Next Post

කන්දකාඩු රැඳවියන්ට ආහාර ප්‍රශ්නයක් කී දොම්පේ ශාන්ති විහාරී හිමියන්ට එරෙහිව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්ගෙන් පැමිණිල්ලක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.