දිනසේන රතුගමගේ –
අලි මිනිස් ගැටුමට විසඳුම් ලෙස පුනරීන් හරහා කිළිනොච්චිය වටා ඉදි කෙරෙන සූර්ය බලයෙන් ක්‍රියා කරණ සුවිශේෂී අලිවැටේ ඉදිකිරීම් කටයුතු ඊයේ (15) ආරම්භ කෙරුණි.
ලෝක බැංකු ආධාර යටතේ එම විශේෂ අලි වැට ඉදි කරණු ලබයි.

මේ සදහා රුපියල් කෝටි දෙකක පමණ මුදලක් මුල් අදියරය සදහා වැය වන බවට ගණන් බලා ඇති අතර සම්පූර්ණයෙන්ම අලිවැට ඉදිකිරීම අදියරයන් තුනක් යටතේ මාස අටක කාලයක් ඇතුළත සිදු කෙරෙයි.
සූර්ය බලයෙන් ක්‍රියා කෙරෙන මෙම සුවිශේෂී අලි වැට ඉදිවීමේන් පසුව කිළිනොච්චිය හා පුනරීන් යන පළාත් දෙකම වන අලින්ගේ තර්ජන වලින් සම්පූර්ණයෙන්ම ආවරණය වන බවට නිලධාරීහු විශ්වාස කරති.
2023 වසරේදී කිළිනොච්චිය ප්‍රදේශයෙන් වන අලි පහරදීම් වලින් පුද්ගල මරණ 6 ක් වාර්තා වූ අතර මිනිසුන් විසින් දැවැන්ත වන අලි 5 ක් මරා දමා තිබුණි.







