-
ලෝක කුසලානය සඳහා පල්ලෙ කැලේ කෙරෙන අවසන් පුහුණු සැසියේ මානසික ඉලක්ක ක්‍රිකට් ලොක්කෙක් සුන් කරයි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වීම සඳහා පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ පුහුණුවීම් වල නිරත වද්දී එම පුහුණු සැසි මැද අධි සුඛෝපබෝගී නිවාස විකුණා ගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරියකුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කොට ඇතැයි ලංකාසරට වාර්තා වේ.
මහනුවර ඉදිකෙරෙන තරු හතේ පන්තියේ මෙම නිවාස ව්‍යාපෘතියේ නිවසක් කෝටි හතරේ සිට ඉහළට දිවෙන අතර එම ව්‍යාපෘතියේ නිලධාරිනියක පැමිණ පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදීම බදාදා (28 ) පුහුණුවීම් අතර එහි විකිණීම් වැඩ මුළුවක් ක්‍රීඩකයන්ට පවත්වා ඇත.
අදාල ව්‍යාපෘතියෙන් යම් කොමිස් මුදලක් ලබා ගැනීමට ක්‍රිකට් ඉහළ නිලධාරියා මෙසේ ක්‍රීඩකයන්ගේ පුහුණු අවධානය බිඳ මෙවැන්නක් සංවිධානය කොට ඇතැයි ක්‍රීඩකයන් අතර කතා බහට ලක්ව ඇත.
තමන්ට වෙනත් ඉලක්කයක් තිබියදී දින හතරක විශේෂ පුහුණු සැසියක් අතර මෙවැන්නක් යොදා තිබීම ඔවුන්ගේ කෝපයට හේතු වී තිබේ.
ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන මෙම ඉහළ නිලධාරියා කොමිස් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන අයකු බව ප්‍රකටය.







