කොවිඩ් වසංගතය හමුවේ සාමාන්‍ය පරිදි පාසල් පවත්වාගෙන යාමට නොහැකි වීම නිසා නැවත පාසල් ආරම්භ කරන තෙක් නිවස පාදක කරගත් ඉගෙනුම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන,ප්‍රතිසංස්කරණ,විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත අත්තිකාරමක් ලෙස ලබාදුන් රුපියල් හැටහතර ලක්ෂ අසූඅට දහස් පන්සිය අනූ අටක (6488598) මුදල අදාළ වැඩපිළිවෙළ සඳහා යොදා නොගෙන දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන සිටඇති බව විගණන විමසුමකින් හෙළිව තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මස 15 දින අදාළ අත්තිකාරම් මුදල් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලබාදී ඇත.එම මුදල උපයෝගි කර ගනිමින් මුද්‍රිත කඩදාසි සහ ටෝනර් මිල ගැනීම සඳහා දෙසැම්බර් මස 31 දින වවුචර් අංක 113,114 හා 115 යටතේ අංක 461276,461277 හා 461278 දරන චෙක්පත් තුන ලියා තිබේ.
පිළිවෙළින් ඒවාහි රුපියල් 610800 ක් 1575000 ක් 4221735 ක් මිල ගණන් සඳහන් කර ඇත.
මහනුවර පෞද්ගලික ආයතනයක් නමට ලියා තිබූ මෙම චෙක්පත් අතරින් 610800 ක වටිනාකමින් යුත් චෙක්පත 2022 මැයි මස 18 වැනි දින බැංකුගත කර තිබෙන අතර ඒ වෙනුවෙන් පෞද්ගලික ආයතනය මගින් දෙපාර්තුමේන්තුවට මුද්‍රන යන්ත්‍ර සඳහා යොදා ගන්නා තීන්ත තොගයක් ලබාදී තිබේ.
එම තීන්ත විගණනය සිදුකළ අගෝස්තු මස 25 වැනි දින තෙක්ම කිසිදු ප්‍රයෝජනයකට යොදාගෙන නොමැති බව විගණනයේදී හෙළිව ඇත.
මුද්‍රණ කඩදාසි මිලදී ගැනීම සඳහා පෞද්ගලික ආයතනය නමට ලියන ලද රුපියල් පනස් හත්ලක්ෂ අනූහය දහස් හත්සිය තිස්පහක (5796735) ක චෙක්පත් දෙක අදාළ කාර්ය සඳහා යොදා නොගෙන 2022 ජූනි 30 දින දෙපාර්තමේන්තු අදායමට ගෙන පොදු තැන්පත් ලෙජරයේ රඳවා තබාගෙන තිබී ඇති බව ද විගණන විමසුමේදී අනාවරණය වී තිබේ.
කොවිඩ් සමයේ පාසල් පාදක ඉගෙනුම් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යය පැවරුම් මුද්‍රණය සඳහා අදළ මුදල යොදා නොගැනීම සහ එම මුදල අමාත්‍යාංශය වෙත ආපසු හරවා යැවීමක්ද සිදු නොකිරීම ප්‍රශ්න සහගත බව විගණන අංශය පවසයි.
අධ්‍යාපන,ප්‍රතිසංස්කරණ,විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහනේ සමස්ත ප්‍රගතිය පිළිබඳව විමසා ඇතත් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එය ලබාදීමට ද පියවර ගෙන නෙමෙැති බව විගණනයේදී නිරීක්ෂණය වී ඇත.
විගණන විමසුමේ පිටපත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර තිබේ.