අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලක්ෂ 64ක් පිල්ලි යවන්න හදලා… විගණනය හෙළි කරයි..

by editor
සැප්තැම්බර් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය හමුවේ සාමාන්‍ය පරිදි පාසල් පවත්වාගෙන යාමට නොහැකි වීම නිසා නැවත පාසල් ආරම්භ කරන තෙක් නිවස පාදක කරගත් ඉගෙනුම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන,ප්‍රතිසංස්කරණ,විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත අත්තිකාරමක් ලෙස ලබාදුන් රුපියල් හැටහතර ලක්ෂ අසූඅට දහස් පන්සිය අනූ අටක (6488598) මුදල අදාළ වැඩපිළිවෙළ සඳහා යොදා නොගෙන දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන සිටඇති බව විගණන විමසුමකින් හෙළිව තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මස 15 දින අදාළ අත්තිකාරම් මුදල් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලබාදී ඇත.එම මුදල උපයෝගි කර ගනිමින් මුද්‍රිත කඩදාසි සහ ටෝනර් මිල ගැනීම සඳහා දෙසැම්බර් මස 31 දින වවුචර් අංක 113,114 හා 115 යටතේ අංක 461276,461277 හා 461278 දරන චෙක්පත් තුන ලියා තිබේ.
පිළිවෙළින් ඒවාහි රුපියල් 610800 ක් 1575000 ක් 4221735 ක් මිල ගණන් සඳහන් කර ඇත.

මහනුවර පෞද්ගලික ආයතනයක් නමට ලියා තිබූ මෙම චෙක්පත් අතරින් 610800 ක වටිනාකමින් යුත් චෙක්පත 2022 මැයි මස 18 වැනි දින බැංකුගත කර තිබෙන අතර ඒ වෙනුවෙන් පෞද්ගලික ආයතනය මගින් දෙපාර්තුමේන්තුවට මුද්‍රන යන්ත්‍ර සඳහා යොදා ගන්නා තීන්ත තොගයක් ලබාදී තිබේ.
එම තීන්ත විගණනය සිදුකළ අගෝස්තු මස 25 වැනි දින තෙක්ම කිසිදු ප්‍රයෝජනයකට යොදාගෙන නොමැති බව විගණනයේදී හෙළිව ඇත.

මුද්‍රණ කඩදාසි මිලදී ගැනීම සඳහා පෞද්ගලික ආයතනය නමට ලියන ලද රුපියල් පනස් හත්ලක්ෂ අනූහය දහස් හත්සිය තිස්පහක (5796735) ක චෙක්පත් දෙක අදාළ කාර්ය සඳහා යොදා නොගෙන 2022 ජූනි 30 දින දෙපාර්තමේන්තු අදායමට ගෙන පොදු තැන්පත් ලෙජරයේ රඳවා තබාගෙන තිබී ඇති බව ද විගණන විමසුමේදී අනාවරණය වී තිබේ.

කොවිඩ් සමයේ පාසල් පාදක ඉගෙනුම් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යය පැවරුම් මුද්‍රණය සඳහා අදළ මුදල යොදා නොගැනීම සහ එම මුදල අමාත්‍යාංශය වෙත ආපසු හරවා යැවීමක්ද සිදු නොකිරීම ප්‍රශ්න සහගත බව විගණන අංශය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අධ්‍යාපන,ප්‍රතිසංස්කරණ,විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහනේ සමස්ත ප්‍රගතිය පිළිබඳව විමසා ඇතත් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එය ලබාදීමට ද පියවර ගෙන නෙමෙැති බව විගණනයේදී නිරීක්ෂණය වී ඇත.

විගණන විමසුමේ පිටපත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක කුසලාන අවසන් පුහුණු සැසිය මැද දී ක්‍රිකට් ලොක්කෙක් ගෙවල් බිස්නස් එකක් ගෙනත්…

Next Post

පොලිසියේ වෙන දේ…  HQI ලා 09ක් OIC ලා 14ක් තනතුරුවලින් පහ කර වහාම ක්‍රියාත්මකවන පරිදි සාමාන්‍ය රාජකාරියට… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.