පොලිස් ස්ථානාධිපතිවරු 14 දෙනෙක් සහ මූලස්ථාන පොලිස් පරික්ෂවරු 09 දෙනෙක් වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථානාධිපති ධූරවලින් පහ කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා තිබේ.
පොලිස්පතිවරයා විසින් ඊයේ (27 ) දිනයේ සිට මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇත.
මූලස්ථාන පොලිස් පරීක්ෂවරුන් ලෙස සිටිය දි වහාම ක්‍රියාත්මවන පරිදි සාමාන්‍ය රාජකාරියට යොමු කර ඇත්තේ අනුරාධපුර, කුලියාපිටිය, කුරුණෑගල, හෝමාගම, කළුතර දකුණ, මීගමුව, මහනුවර සහ කෑගල්ල, මූලස්ථාන පොලිස් පරීක්ෂවරුන්ය.
උයිලන් කුලම, මිහින්තලේ, මින්නේරිය, වාරියපොල, දංකොටුව, හෙට්ටිපොල, නාරම්මල, දොම්පේ, කැස්බෑව, කොහුවල, කිරිබත්ගොඩ, ලග්ගල, තිස්සමහාරාමය, පිටිගල පොලිස් ස්ථානාධිපතිවරු 14 දෙනා ද වහාම ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය රාජකාරියේ යොදවා ඇත.
දේශපාලනීකරණයට ලක් වූ පොලිසියේ පොහොට්ටුවේ දේශපාලන පත්වීම් ලෙස මෙම පොලිස් නිලධාරීන් බහුතරයක් එම තනතුරුවලට පත් වූ බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.